spot_img
spot_imgspot_img

ඉන්දියාව සිය ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව නිපදවයි

පුවත්

විදෙස්

ඉන්දියාවේ, දකුණු දිග කේරළ ප්‍රාන්තයේ පැවති උත්සවයකදී ස්වදේශීයව නිපදවන ලද ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව ප්‍රදර්ශනය කර තිබේ. වික්‍රානාත් ලෙස නම්කර ඇති මෙම නෞකාව ටොන් 45,000ක් බරින් යුතු වෙයි.

නෞකාව නිශ්පාදනය කිරීම සඳහා වසර 13ක් ගතවී ඇත.

යාත්‍රාව – මීටර් 262 (අඩි 860) දිගින් සහ මීටර් 60 (අඩි 197) පමණ උසින් යුතු වෙයි. මෙය ඉන්දියාව විසින්ම නිර්මාණය කර ගොඩනගා ඇති පළමු ගුවන් යානා ප්‍රවාහන නෞකාව වේ. ප්‍රහාරක ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා 30ක් රඳවා තබා ගැනීමේ හැකියාව එයට ඇත.

මෝදි මහතා නෞකාව හැඳින්වූයේ “පාවෙන නගරයක්” සහ “ස්වදේශික විභවයේ සංකේතය” ලෙසිනි.

“වික්‍රන්ට් සමඟින් ඉන්දියාව දේශීය තාක්‍ෂණයෙන් යුත් දැවැන්ත ගුවන් යානා ප්‍රවාහන නෞකා නිෂ්පාදනය කරන රටවල් ලැයිස්තුවට එක් වී ඇත. එය රට තුළ නව විශ්වාසයකින් පිරී තිබේ,” ඔහු පැවසීය.

ඉන්දියාවේ අනෙක් ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන “වික්‍රමදිත්‍ය”ට ගුවන් යානා 30කට වඩා රැගෙන යා හැකිය. එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවේ “ක්වීන් එලිසබෙත්” නෞකාවට යානා 40ක් පමණ රැගෙන යා හැකි අතර එක්සත් ජනපද නාවික හමුදාවේ නිමිට්ස් පන්තියේ නෞකාවන්ට ගුවන් යානා 60කට වැඩි ප්‍රමාණයක් රැගෙන යා හැකිය.

රුපියල් බිලියන 200ක් (ඩොලර් බිලියන 2.5ක්; පවුම් බිලියන 2.1ක්) පමණ වැය වූ වික්‍රාන්ට් 2017 වන විට නාවික හමුදාවට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන ලදී. නමුත් එහි ඉදිකිරීම්වල දෙවන අදියර ප්‍රමාදයන් නිසා කල්ගත විය.

‘වික්‍රාන්ත්’ යන්නෙහි අරුත ධෛර්ය සම්පන්න යන්නයි. 1961 දී බ්‍රිතාන්‍යයෙන් මිලදී ගත් න්දියාවේ පළමු ගුවන් යානා ප්‍රවාහන නෞකාව හැඳින්වූයේ ද එනමිනි. එය ජාතික අභිමානයේ ප්‍රධාන සංකේතයක් වූ අතර 1997 දී ඉවත් කිරීමට පෙර 1971 යුද්ධය ඇතුළුව – හමුදා මෙහෙයුම් කිහිපයක වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.

නව වික්‍රන්ට් නෞකාව ඉන්දීය සහ ජාත්‍යන්තර මුහුදු තීරයන් හරහා යාත්‍රා කරනු ඇති අතර, එය ආරක්ෂා කිරීම සඳහා නෞකාවන් සහ සබ්මැරීන් සමූහයක් ද සමඟින් යාත්‍රා කරනු ඇත.

මේ වන විට වික්‍රාන්ත් සිටින්නේ කේරළ ප්‍රාන්තයේ රජයට අයත් කොචින් නැව් තටාකයේ ය. නැව ඉදිකරන ලද්දේද එම ස්ථානයේ දී ය.

එය සේවයට පැමිණි පසු, කාර්ය මණ්ඩල සාමාජිකයින් 1,700ක් සඳහා සේවා ස්ථානය – සහ නිවස වනු ඇත.

ඇඳන් 16 කින් යුත් රෝහලක්, ශල්‍යාගාර දෙකක් සහ දැඩි සත්කාර ඒකක ද නෞකාව සතුය.

මෙම වසර අගදී නෞකාවේ සිට පියාසර මෙහෙයුම් අත්හදා බැලීමට නාවික හමුදාව සැලසුම් කරයි.

“අපගේ පියාසැරි තට්ටුවේ විශාලත්වය වර්ග මීටර් 12,500 කට ආසන්නයි – හොකී පිට්ටනි දෙකහමාරක් තරම් විශාලයි – අපට එකවර ප්‍රහාරක ගුවන් යානා 12 ක් සහ හෙලිකොප්ටර් හයක් ක්‍රියාත්මක කළ හැකිය,” ගුවන් යානා තට්ටුවේ නිලධාරි ලුතිනන් කමාන්ඩර් සිද්ධාර්ත් සෝනි පැවසීය.

https://www.bbc.com/news/world-asia-india-62749345

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!