spot_img
spot_imgspot_img

ආර්ජන්ටිනාවේ උප ජනාධිපති ඝාතන තැතකින් නූලෙන් බේරෙයි

පුවත්

විදෙස්

ආර්ජන්ටිනාවේ උප ජනාධිපති ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස් ද කර්ච්නර්ට යම් පුද්ගලයෙකු වෙඩි තැබීමට සූදානම්වී ඇති නමුත් ගිණි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඝාතනයෙන් බේරී ඇත.

ආර්ජන්ටිනාව තුල උග්‍ර දේශපාලන හා සමාජ ගැටුම් පවතින අවස්ථාවක මෙම සිද්ධිය වාර්තා වන අතර ආර්ථික ඇමති විසින් එය ඝාතන උත්සාහයක් ලෙස හැඳින්වීය.

ෆර්නැන්ඩස් ද කර්ච්නර් සිය ගනනක් ආධාරකරුවන් රැස්ව සිටි බුවනෝස් අයර්ස්හි සිය නිවසින් පිටත මෝටර් රථයකින් බැස යන විට එය සිදු විය. වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ පිරිමියෙකු ඇගේ හිස අසල පිස්තෝලයක් තබාගෙන සිටින ආකාරයයි.

ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් පැවසුවේ තුවක්කුවේ උණ්ඩ පහක් පටවා තිබූ බවයි. ඔහු වැඩි දුරටත් මෙසේ ද පැවසීය,

“1983 හමුදා පාලනය අවසන් කිරීමත් සමග ආර්ජන්ටිනාව ප්‍රජාතන්ත්‍රවාදයට නැවත පැමිණීමෙන් පසු අප මුහුණ දුන් බරපතලම සිදුවීම මෙයයි. මිනිසෙක් ඇගේ හිසට ගිනි අවියක් පෙන්වා කොකා ඇද්දේ ය. ක්‍රිස්ටිනා තවමත් ජීවතුන් අතර සිටින්නේ තවමත් තහවුරු කර ගැනීමට නොහැකි වූ කුමක් හෝ හේතුවක් නිසා, තුවක්කුව ක්‍රියාත්මක නොවීමෙනි.”

බ්‍රසීලියානු සම්භවයක් ඇති 35 හැවිරිදි පුද්ගලයෙකු ලෙස බලධාරීන් හඳුනාගෙන ඇති සැකකාර ප්‍රහාරකයා පොලිසිය විසින් ඉක්මනින් අත්අඩංගුවට ගෙන ආයුධය ද අත්අඩංගුවට ගෙන ඇත.

2007 සහ 2015 අතර ජනාධිපතිව සිටි ආර්ජන්ටිනාව තුළ මතභේදකාරී චරිතයක් වූ ෆර්නැන්ඩස් ද කර්ච්නර් 2000 දශකයේ මුල් භාගයේ දී ප්‍රදානය කරන ලද පොදු කොන්ත්‍රාත්තුවලට සම්බන්ධ දූෂණ සම්බන්ධයෙන් නඩු විභාගයකට මුහුණ දී සිටී.

ඇයට වසර 12 ක සිරදඬුවමකට මුහුණ දීමට සිදු විය හැකි අතර, එම චෝදනාවලට වරදකරු වුවහොත් ඇය රාජ්‍ය නිලතලවලින් නුසුදුස්සෙකු වීමට ඉඩ ඇත. නමුත් එය ඇය ප්‍රතික්ෂේප කරයි. ඇය ලබන වසරේ සෙනෙට් සභාවට සහ සමහරවිට ජනාධිපති ධුරයට තරග කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කර ඇත.

ආර්ජන්ටිනාව ද ණය මට්ටම් සහ උද්ධමනය මගින් මෙහෙයවනු ලබන ගැඹුරු ආර්ථික අර්බුදයක ගිලී ඇති අතර ජනතාව වීදි බැස විරෝධතාවයේ යෙදෙයි.

“වෛරය සහ ප්‍රචණ්ඩත්වය පවතින විට, සමාජයන් විනාශ වී මෙවැනි තත්වයන් ඇති වේ” යැයි ජාතික අර්බුදය විසඳීම සඳහා මෑතකදී පත් කරන ලද ආර්ථික අමාත්‍ය සර්ජියෝ මැසා ට්වීට් කළේය.

චිලී ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික්, වෙනිසියුලාවේ නිකොලස් මදුරෝ, පේරුහි පේද්‍රෝ කැස්ටිලෝ සහ බ්‍රසීල ජනාධිපති අපේක්ෂක ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ඇතුළු කලාපය වටා රාජ්‍ය නායකයින් සහ දේශපාලන සහචරයින් ද ප්‍රහාරය හෙළා දුටුවේය.

https://www.reuters.com/world/americas/argentina-vp-unharmed-after-assailant-threatens-her-with-gun-2022-09-02/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!