spot_img
spot_imgspot_img

රට යන කාන්තාවන්ට පීපල්ස් ඉන්ෂුවරන්ස් වෙතින් නව රක්ෂණයක්

පුවත්

විදෙස්

පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම, ශ්‍රී ලංකාවේ ඉහළම මහජන විශ්වාසය දිනාගත් මූල්‍ය සමාගම් අතර ප්‍රමුඛයා වන මහජන බැංකු පවුලේ සමාජිකයා වෙතින් පවුල් බර දැරීමට ගෘහ සේවිකා වෘත්තිය සඳහා විදෙස් ගත වන දිරිය කතුන් වෙනුවෙන් නවතම රක්ෂණාවරණයක් හඳුන්වා දීම පසුගිය අගෝස්තු මස 09 වන දින කොළඹ සිනමන් ලෙක්සයිඩ් හිදී  සිදුවිය.

ඉහළ විදේශීය විනිමය ප්‍රමාණයක් ගෙන එමින් ශ්‍රී ලාංකීය ආර්ථිකය වර්ධනය කිරීමට නිරන්තරව කැපවෙන විදේශගතව සිටින ගෘහ සේවිකාවන් හට අනපේක්ෂිතව මුහුණදීමට සිදුවන සිදුවීම්වලදී ඇතිවන බලපෑම් වලදි ආර්ථිකමය වශයෙන් ඔවුන් ශක්තිමත් කිරීමේ අරමුණින් හඳුන්වා දෙනු ලැබූ මෙම රක්ෂණය, ගරු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර, පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති ඉසුරු බාලපටබැඳි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හඳුන්වා දීම සිදුවිය. මෙම අවස්ථාව සඳහා පීපල්ස් ඉන්ෂුවර්න්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිණී ජීවනී කාරියවසම්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්. පී. ඒ. විමලවීර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ගරු මහේන්ද්‍ර කුමාරසිංහ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උප සභාපති හිලිමි අසීස් සහ ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනයේ සභාපති සුරාජ් දන්දෙනිය, බලපත්‍රලත් විදේශ රැකියා නියෝජ්‍යායතන සංගමයෙ (ALFEA) සභාපති ෆරූස් මරික්කාර්, ලේකම් එම්. එෆ්. එම්. අර්ෂාඩ් සහ භාණ්ඩාගාරික Zසමන් තාහා යන මහත්ම මහත්මීන්ගේ සහ මාධ්‍යවේදීන් ඇතුලු ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් සිදුවිය.

මෙම සුවිශේෂී රක්ෂණය යටතේ සේවකයා විසින් සේවය හැරයාම ( Run away), සේවකයා විසින් සේවය කිරීම ප්‍රතික්ෂේප කිරීම ( Refusal to work), වෛද්‍ය පරීක්ෂණ අසමත් වීම නිසා සේවකයා නැවත් මෙරටට එවීම (Repatriation due to medically unfit), සේවකයාට හදිසි අනතුරක් නිසා සිදුවන මරණය ( Accident death), සේවකයාට හදිසි අනතුරක් නිසා සිදුවන පූර්ණ සදාකාලික අකර්මන්‍යයතා (Permanent total disablement due to accident) ආදී ආපදා රැසක් මෙම රක්ෂණාවරණය තුළින් ආවරණය කරනු ලැබේ.

මේ රක්ෂණාවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති ඉසුරු බාලපටබැඳි මහතා, ”රාජ්‍ය ආයතනයක් විදිහට අපි නිරන්තරව අපේ රටේ ආර්ථික වර්ධනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකර තිබෙනවා. අපේ රටට විශාල විදේශ විනියමක් ගෙන එන ගෘහ සේවිකා වෘත්තිකයින්ට මුහුණ දීමට සිදු වන ආපදා අවම කිරීම අපේ යුතුකමක් වගේම වගකීමක් වෙනවා කියන එකයි අපේ විශ්වාසය. මේ නිසා මෙම වෘත්තිකයන් මුහුණදෙන දුෂ්කරතා සහ ගැටලු හඳුනා ගනිමින් ඔවුන් හට කිසියම් සහනයක් ලබා දීම අපේ මේ උත්සාහයේ අරමුණයි. අද දින ආරම්භ කළ අපගේ මෙම ව්‍යාපාරික සබඳතාවය නව රක්ෂණ සැළසුම් හඳුන්වා දෙමින් තව දුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම අපගේ බලාපොරොත්තුවයි” යනුවෙන් මෙහිදී ප්‍රකාශ කර සිටියේය. මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය දැක්වූ ගරු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ ALFEA සංගමේ නිලධාරී මහතුන් හට, එතුමා තම විශේෂ ස්තූතිය පුද කරන ලදී.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් බලපත්‍ර ලත් Greenway විදේශ රැකියා ආයතනයේ ශාන්ත ජයසුන්දර මහතා වෙත රක්ෂණ ඔප්පුව පිළිගැන්වූ අයුරු. (වම්පස සිට) ALFEA සංගමේ ලේකම් එම්.එෆ්. එම්. අර්ෂාඩ්, ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ, ALFEA සංගමේ සභාපති ෆාරූස් මරික්කාර්, පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති ඉසුරු බාලපටබැඳි, ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනයේ සභාපති සුරාජ් දන්දෙනිය සහ පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිණී ජීවනී කාරියවසම් යන මහත්ම මහත්මීන් ද ඡායාරූපයේ වෙති. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!