spot_img
spot_imgspot_img

වාහන ලක්ෂ 24ක් QR කේතය අරන් නෑ

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වාහනවලින් ලක්ෂ 24ක් මෙතෙක් QR කේතය ලබාගෙන නැතැයි අනාවරණය වෙයි.

2022 මැයි මාසය වනවිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සමස්ත වාහන සංඛ්‍යාව 8,341,861කි. අගෝස්තු 15 වැනි දා දක්වා ජාතික ඉන්ධන අවසර පත්‍රය ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 5,889,324ක් පමණි. ඒ අනුව මෙතක් ලියාපදිංචි වාහන 2,452,537ක් ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබාගෙන නැත.

QR කේතය නොමැතිව ඉන්ධන නිකුත් කිරීම නවතා ඇති බැවින් මෙතරම් විශාල වාහන සංඛ්‍යාවක් කේතය ලබාගෙන නොමැතිවීමෙන් පෙනී යන්නේ එම රථ වැඩි ප්‍රමාණයක් මාර්ගවල ධාවනය නොවන බවයි. කෙසේ වෙතත්  මෙතරම් විශාල වාහන සංඛ්‍යාවක් කේත ක්‍රමය ලබාගෙන නැත්තේ කවර හේතුවක් නිසා ද යන්න සොයාබැලීමට ද හැකියාවක් නැත.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ මාපා පතිරණ පවසන්නේ රජයේ සහ පෞද්ගලික අංශයේ අයානවල වාහන ද කේත ලබාගෙන අවසන්වනතුරු කේත ලබාගත් වාහන සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත තීරණයක් ගත නොහැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!