spot_img
spot_imgspot_img

තමිල්නාඩුවේ කුහුඹු උවදුරක්

පුවත්

විදෙස්

කුහුඹු උවදුරක් හේතුවෙන් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රන්තයේ ගම්මාන හතක ජනතාව දැඩි ලෙස පීඩා විඳින බව වාර්තා වේ. මෙම කුහුඹුවන් එළුවන්, ගවයන් හා මී මැස්සන් වැනි සතුන්ට පහර දෙන බවත් විශාල ලෙස ව්‍යාප්ත වීම හේතුවෙන් මිනිසුන්ට ගම්මාන හැරදා යෑමට සිදුවී ඇති බවත් පැවසේ. එපමණක් වනාව කෘමි ප්‍රහාර හේතුවෙන් සර්පයන් සහ හාවුන් පවා මියගොස් ඇති බවට ගම්මු චෝදනා කරති.

තමිල්නාඩුවේ, මෙම කුහුඹු බලපෑමට ලක් වූ ගම්මාන පිහිටා ඇත්තේ ඩින්ඩිගුල් දිස්ත්‍රික්කයේ කරන්තමලෙයි වනාන්තරය අවට කඳුකර ප්‍රදේශයක ය. මෙහි බොහෝ දෙනා ගොවීන් හෝ ගව හිමියන් වේ.

ගම්වාසීන් පැවසුවේ පසුගිය වසර කිහිපය තුළ මෙම කුහුඹුවන් වනාන්තරයේ සිටිනු දැක ඇති බවයි. එහෙත් ජීවිතය අවුල් කරමින් ගම්වල මෙතරම් විශාල පිරිසක් පෙනී සිටි පළමු අවස්ථාව මෙයයි.

කැළෑව ආශ්‍රිතව පදිංචිව සිටි ගව පාලකයන් පවසන්නේ මෙම උවදුර හේතුවෙන් තමන් ජනාවාස අතහැර ගිය බවයි.

“මගේ ගෙදර මේ කූඹියෝ වැඩිවෙන නිසා මම එතනින් අයින් වෙලා [ගමට] ආවා. අපිට උන්ව පාලනය කරන්න බැරි නිසා උන්ගේ ගණන එන්න එන්නම වැඩි වෙනවා” ගම්වැසියෙකු වන නාගම්මාල් පවසයි.

“අපි කැලේ ළඟට යනකොටම කූඹියෝ අපේ ඇඟට නඟිනවා, අපට කේන්ති යනවා, ඇ‍ඟේ බිබිලි එනවා. කූඹි රංචු එකතුවෙන නිසා අපිට බොන්න වතුරවත් අරන් යන්න බැහැ. මොනවා කරන්නද කියලා අපි දන්නේ නැහැ,” සෙල්වම් පවසයි. හෙතෙම 55 හැවිරිදි ගොවියෙකි.

ප්‍රාදේශීය වන නිලධාරි බීබීසී වෙත පැවසුවේ “සම්පූර්ණ සමීක්ෂණයක් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස” නිලධාරීන්ට නියෝග කර ඇති බවයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ ගවයින් තණ කැවීම සඳහා වනයට නොයවන ලෙස ගම්මුන්ගෙන් ඉල්ලා සිටි බවයි.

කුහුඹුවන් සියගණනක් විසින් පිටකරන ෆෝමික් අම්ලය සතුන්ගේ ඇස්වලට බලපෑම් කළ හැකි බව වෛද්‍ය බයිඩියා ප්‍රකාශ කළ නමුත් “ඔවුන් විශේෂයෙන් ඇස් ඉලක්ක කර ගන්නේද යන්න වාර්තා වී නොමැති” බව හෙතෙම පවසයි. මිනිසුන් තුළ, අම්ලය අසාත්මිකතා ඇති කළ හැකි නමුත් ජීවිතයට තර්ජනයක් නොවන බව ද ඔහු පවසයි.

විශේෂඥයන් කනස්සල්ලට පත්ව සිටින්නේ මෙම කෘමීන් පැතිරීම මගින් කලාපයේ පරිසර විද්යාවට බලපෑම් කළ හැකි බැවිනි.

මෙම කුහුඹුවන් මුලින්ම ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපත ආක්‍රමණය කළ විට, දේශීය කුහුඹුවන්ට පහර දී ඔවුන්ගේ ආහාර ප්‍රභවයන් අත්පත් කර ගැනීමෙන් ඔවුන් අවතැන් කළ බව ආචාර්ය බයිඩියා පවසයි. එසේම ඔවුන් දිවයිනේ සිටි රතු කකුළුවන් මිලියන ගනනක් අන්ධ කර අකර්මණ්‍ය කර මරා දමා ඇත.

සංරක්ෂණ කණ්ඩායමක් සමඟ වැඩ කරන කීට විද්‍යාඥ ආචාර්ය ප්‍රියදර්ශන් ධර්මරාජන් පවසන්නේ මෙම කුහුඹුවන් කුඩිත්තන් සමඟ සහජීවන සබඳතාවක් ඇති බවයි.

“ඔවුන් ආහාරයට ගන්නේ කුඩිත්තන් විසින් නිපදවන කිරි වැනි ද්‍රව්‍ය වන අතර ඒවා බෝග සඳහා විෂ වේ” ඔහු පවසයි.

වෛද්‍ය ධර්මරාජන් පවසන්නේ ක්‍රමයෙන් ඉහළ යන උෂ්ණත්වය හේතුවෙන් ගැටලුව දැන් උග්‍ර වී ඇති බවයි.

“පරිසරයේ උෂ්ණත්වය වැඩි වන විට, ඒවායේ පරිවෘත්තීය වේගය ද වැඩි වන අතර, ඔවුන් වැඩිපුර ආහාර ගැනීමට පෙ‍ළඹේ. එය ඔවුන්ගේ සීඝ්‍ර වර්ධනයට හේතුවක් විය හැකිය,” ඔහු පවසන්නේ දත්ත නොමැතිව මෙය තහවුරු කළ නොහැකි බවයි.

“අපට බෝවන ප්‍රදේශවල කාලගුණික රටා සම්බන්ධයෙන් තවත් දත්ත එකතු කර එය විශ්ලේෂණය කළ යුතුය.”

https://www.bbc.com/news/world-asia-india-62572388

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!