spot_img
spot_imgspot_img

යතුරුපැදි, පාපැදි හොරුන්ගෙන් බේරා ගන්නා හැටි පොලිසිය කියයි

පුවත්

විදෙස්

ගාල්ල දිස්ත්‍රික්කය පුරා ම යතුරුපැදි සහ පාපැදි සොරකම් කිරීම කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇතැයි ගාල්ල නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ගාල්ලේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකින් ම දෛනිකව වාර්තාවන සොරකම් පිළිබඳ විමසීමේ දී ය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසන්නේ මෙවැනි සොරකම් වැඩිම ප්‍රමාණයක් සිදුව ඇත්තේ යතුරුපැදි සහ පාපැදි හිමිකරුවන්ගේ නොසැළකිලිමත් කම හේතුවෙන් බවයි. ඒ බොහෝ සොරකම් වළක්වාගත හැකි ඒවා බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.
වැඩිම සොරකම් ප්‍රමාණයක් වාර්තා වන්නේ යතුරුපැදි හෝ පා පැදි මහ මඟ නවත්වා තිබිය දී ය. හදිසි අවශ්‍යතා සඳහා යතුරුපැදිය නවතා යතුර එහි ම තිබෙන්නට හැර අසළ කඩයකට හෝ වෙනත් අවශ්‍යතාවකට හිමිකරු මදක් ඉවතට ගිය වහාම වෙනත් පුද්ගලයන් යතුරුපැදිය රැගෙන යන බව ද නියෝජ්‍ය පෙලිස්පතිවරයා කීවේය. එමෙන් ම පාපැදි සඳහා ආරක්ෂිත අගුලක්‍ යොදා නොමැති අවස්ථාවල විනාඩි කිහිපයකින් එය හොරුන්ගේ ග්‍රහණයට ලක්වන බව ද ඔහු පෙන්වාදුන්නේය.
යතුරුපැදියක් නවත්වනවා නම් එහි යතුර ඉවත්කරගෙන යනවාට අමතරව හැඩලය අගුළුදා යෑම ද අත්‍යාවශ්‍ය බවත් හැකිනම් රෝදයකට හෝ වෙනත් අමතර අගුලක් යෙදිය හැකිනම් වඩාත් සුදුසු බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය. ඔහු පවසන්නේ යතුරුපැදි සොරකම් කිරීමේ සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් ගාල්ලේ දී පසුගිය දා අත්අඩංගුවට ගත් පුද්ගලයකු හැඩලය ‍අගුළු දමා නැති යතුරුපැදිවල යතුර ‍නොමැතිව පණ ගැන්වීමේ විශේෂඥයකු බවයි. මෙවැනි පුද්ගලයන්ගෙන් යතුරුපැදි ආරක්ෂා කරගැනීමට නම් හැඬලය අඟුළු දැමීම අනිවාර්ය අවශ්‍යතාවක් බව නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ පවසයි
තම නිවසේ වුව ද යතුරු පැදි සහ පාපැදි නවතා තැබීමේ දී ඒවා නිසි පරිදි ආරක්ෂිතව අඟුළු දමා තිබීමත් රාත්‍රී කාලයේ දී හැකිනම් නිවස ඇතුළට ගැනීමත් සුදුස බව පොලිසිය පවසයි.
පසුගිය දිනවල දී ඝාතන රැසක තොරතුරු පරීක්ෂා කිරීමේ දී පෙනී ගෙ‍ාස් ඇත්තේ එම ඝාතන සඳහා සොරකම් කළ යතුරුපැදිවලින් සහ සොරකම්කරන ලද අංක තහඬු සවිකරගෙන පැමිණ ඝාතන සිදුකර ඇති බවයි.
මේ හේතුවෙන් තමන්ගේ යතුරුපැදි සහ පාපැදි පිළිබඳ පමණක් නොව අංක තහඩු පිළිබඳව ද සැළකිලිමත් විය යුතු බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!