spot_img
spot_imgspot_img

නාමල්, ජොන්ස්ටන්, රෝහිත, පවිත්‍රා කැබිනට් මණ්ඩලයට රිංගයි ? නව සංශෝධනය ඉදිරි දින කිහිපයේ

පුවත්

විදෙස්

තවත් දින කිහිපයකින් නව අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ශව සහ අරගලකරුවන්, නීතිඥයන් සමඟ පවා ජනාධිපති රනිල් වික්‍රමසිංංහ සාකච්ඡා කර ඇති බැවින් එහි එක් පියවරක් ලෙන නව කැබිනට් මණ්ඩලය පත්කරනු ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් සර්ව පාක්ෂික ආණ්ඩුවක්  පිහිටුවීම සම්න්ධයෙන් මෙතෙක් අවසන් එකඟතාවකට එළැඹ නැත.

එහි දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ශවයෙන් කැබිනට් අමාත්‍යධූර හිමිවිය යුතු දිස්ත්‍රික් නායකයන්ගේ නාම ලේඛනයක් ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රාදේවී වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සී.බී.ඒකනායක, එස්.එම්.චන්ද්‍රසේන, බන්දුල ගුණවර්ධන, සනත් නිශාන්ත, කංචන විජේසේකර යන පිරිසගේ නම් එලෙස ඉදිරිපත් කර ඇත.

සමගි බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ද, නව කැබිනට් මණ්ඩල ට ඇතුළත්වීමට නියමිතව ඇති අතර,ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන්, ජාතික කොංග්‍රසයේ නායක ඒ එල් එම් අතාවුල්ලා ද අමාත්‍යධුර හිමිවීමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වුවහොත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ද ආණ්ඩුව තුළ සාකච්ඡා වෙමින් පවතින බව දැනගන්නට ඇත.

කැබිනට් මණ්ඩලය තිස්දෙනකුගෙන් පමණ සමන්විත වනු ඇතැයි පැවසේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!