spot_img
spot_imgspot_img

රජයට බදු පොලු තැබූ අරක්කු සමාගමට අලුත් බලපත්‍ර දීලා

පුවත්

විදෙස්

රජයට අයවිය යුතු රුපියල් බිලියන 1.5ක බදු මුදල් සහ මහජන බැංකුවෙන් ලබාගත් රුපියල් බිලියන 04ක් ගෙවිම පැහැර හැරීමේ චෝදනා ලැබ සිටින W.M.Mendis නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදන සමාගමට නිෂ්පාදන බලපත්‍ර දෙකක් ලබාදිමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

මෙම සමාගම බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ඔවුන්ගේ නිෂ්පාදන බලපත්‍රය අවලංගු කර තිබිණි. එසේ වුව ද පයාගල, වැලිසර සහ කල්කුඩාවල ඇති නිෂ්පාදනාගාරවලින් දෙකකට නැවත 2022 දෙසැම්බර් 31 දක්වා වලංගුවන පරිදි නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව අද (17) කටයුතු කළේය.

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අප කළ විමසීමක දී එහි නිලධාරියකු කියා සිටියේ මෙම බලපත්‍රය වලංගු කාලසීමාව තුළ රජයට හිඟ බදු මුදල් ගෙවීමට එම සමාගම එකඟ වී ඇති බවයි.

සුරාබදු නොගෙවා ඇති මෙන්ඩිස් සමාගම ඊට අමතරව මහජන බැංකුවෙන් රුපියල් බිලියන 04ක ණය මුදලක් ලබාගෙන එය ගෙවා නැතැයි ද කෝප් කමිටුවේ දී ද අනාවරණය විය.

මෙන්ඩිස් සමාගම මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනුව හේතුවෙන් ආන්දෝලනයට ලක් වූ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත්  තවත් සමාගමකි.

අද මෙම බලපත්‍රය ලබාගැනීම සඳහා ලෝක ප්‍රකට ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයකුගේ සහෝදරයෙක් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද පැමිණ සිටි බව වාර්තා වේ.

(මෙම පුවත හේතුවෙන් යම් සමාගමකට හෝ පුද්ගලයකුට අගතියක් සිදුවන්නේ නම් ඔවුන්ගේ අදහස් දැක්වීම් ද මේ හා සමාන ඉඩක් ලබා දෙමින් පළකිරීමට අපි බැඳී සිටින්නෙමු)

මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම සමාගමේ විධායක නිලධාරීන් බලපත්‍රය ලබාගැනීම සඳහා සුරාබදු කාර්යාලයට පැමිණ සිටි ආකාරයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!