spot_img
spot_imgspot_img

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුගහත කිරිමේ දී වෘත්තීය සමිති වැඩක් නැතැයි ජනාධිපති ජාත්‍යන්තරයට කියයි

පුවත්

විදෙස්

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරිමේ දී වෘත්තීය සමිති දක්වන ප්‍රතිචාරය තමන්ට අදාලා නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ THE ECONOMIST ආයතනය සමඟ සංවාදයකට එක්වෙමින් ප්‍රකාශකර තිබේ.

එහි දී ජනාධිපතිවරයා පවසන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය හැරුණු විට, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලිකරණය කළ හැකි බවයි. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කර ඇති ආකාරයට ම ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද ප්‍රතිව්‍යුහගත කළ හැකියැයි ජනාධිපතිවරයා පවසා ඇත.

මෙරට ඉන්ධන වෙළෙඳාම අනෙකුත් තරගකරුවන්ටත් විවෘත කිරීම ගැන THE ECONONIST විමසූ විට ජනාධිපතිවරයා පවසන්නේ මෙවැනි කතාවකි.

“අප ආයෝජන සඳහා ක්ෂේත්‍රය විවෘත කර තිබෙනවා. එහෙත් අපිට සහනාධාරලාභීන් සමග සාකච්ඡා කිරීමත් අවශ්‍යයි. මොකද ඇතැම් ව්‍යාපාර වසර 40කට වැඩි කාලයක් ක්‍රියාත්මක වන නිසා, බාහිර ආර්ථික ක්‍රියාකාරකම් පාලනය කරන නීතිත් වෙනස් වෙන්න ඕන. ඒ සඳහා අයර්ලන්ත ආකෘතිය යොදාගත හැකිදැයි සොයා බලනවා.”

එහි දී වෘත්තීය සමිතිවලින් එල්ලවිය හැකි විරෝධතාව ගැන ඇසූවිට ජනාධිපතිවරයා පවසන්නේ ඔහු වෘත්තීය සමිති ගැන වද වෙන්නේ නැති බවයි. වඩා වැදගත් වන්නේ ජනතාව බව ද තත්වය වැඩිදියුණ කළ හැකි යැයි සිතෙන්නේ නම් ජනතාව ඒ වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි ද ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකාව 2018 වසරේ පැවැති  මට්ටමට ඒමට ඇතැම් විට 2024 හෝ 2025 පමණ වේ යැයි ද ජනාධිපතිවරයා පවසයි. ඔහු පවසන්නේ 2023 වර්ෂය ගෝලීය වශයෙන් අයහපත් වීමේ තත්වයක් පෙනී යන බැවින් මෙය 2025 දක්වා දික්ගැසෙන්නට ඉඩ ඇති බවයි.

පළමුව අපි සිතුවේ 2024 දී එය සිදු කළ හැකි වෙයි කියලා, එහෙත් 2023 දී ගෝලීය වශයෙන් අයහපත් වසරක් බවට පත් වීමේ ලකුණු පවතිනවා, ඒ නිසා 2024 හෝ 2025 විය හැකියි.

2030 දී අනාගත ජනාධිපතිවරයා බවට රාජපක්ෂවරයෙක් පත්වේ යැයි සිතනාවද කියා THE ECONOMIST අසන ප්‍රශ්නයට පිළිතුරු දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ තමන්ට අනාගතය කිව නොහැකි බවයි.

“ඔබ හිතුවද ඔබ ජනාධිපතිවරයා වෙයි කියා ?”  යනුවෙන් ඇසූ විට ජනාධිපතිවරයා මෙසේ කියයි.

“ මම හිතුවේ නැහැනේ මගේ නිවස ගිනි තියයි කියලා. ඉතින් ඔබට වැටහෙනවා නේ මා තියන දේ ?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!