spot_img
spot_imgspot_img

විශේෂඥ මනෝ වෛද්‍යවරු හඳුනාගනිමු. හොරුන්ට රැවටෙන්න එපා

පුවත්

විදෙස්

විශේෂඥ මනෝ වෛද්‍යවරු ලෙස මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් රෝගීන්ට පවා ප්‍රතිකාර කරන පුද්ගලයන් සිටින බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමය මේ බව සඳහන් කරමින් මාධ්‍ය වෙත නිවේදනයක් ද නිකුත් කර ඇත.

මෙවැනි ව්‍යාජ වෛද්‍යවරුන් හේතුවෙන් මනෝ වෛද්‍යවරුන්ගේ කර්තව්‍යයන් සහ සේවය වැරදි ලෙස අර්ථ ගැන්විය හැකි බවත්, නිසි සුදුසුකම් නැති පුද්ගලයන් මනෝ වෛද්‍යවරයකු ලෙස හඳුන්වා දෙමින් ව්‍යාජ ලෙස පෙනී සිටීම බරපතල ගැටලු සහගත තත්වයක් බවත් එම සංගමය පවසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ පිළිගත් විශ්වවිද්‍යාලයක වෛද්‍ය විද්‍යා පාඨමාලාව හදාරා, සීමා වාසික පුහුණුව ද අවසන් කර මනෝ වෛද්‍යවරයකු ලෙස විශේෂ පුහුණුවක් සහ විදේශගත පුහුණුවීම් ද ලැබූ පුද්ගලයකු පමණක් විශේෂඥ මනෝ වෛද්‍යවරයකු ලෙස හඳුන්වන බවයි.

නමුත් මේ වනවිට මනෝ විද්‍යාව පිළිබඳ කිසිදු දැනුමක් හෝ පරිචයක් නැති පුද්ගලයන් ද පොත් පත්වලින් උකහාගන්නා කරුණු ‍කියමින් සහ ‍විවිධ ආයතන මගින් පවත්වන උපදේශන පාඨමාලා සහ මනෝ විද්‍යාව පිළිබඳ සාමාන්‍ය පාඨමාලා හදාරා විශේෂඥ වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින බව ද තහවුරු කරගෙන ඇත. ඔවුන්ට සැබැවින් ම මානසික ගැටලු ඇති පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීමට ඉඩ දිය නොහැකි බව ද එවැනි පුද්ගලයන් විසින් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට උත්සාහ දැරීම පවා අතිශය භයානක තත්වයක් ඇතිවීමට හේතුවක් විය හැකි බව ද ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

මේ හේතුවෙන් නිවැරදි සුදුසුකම් ලත් විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ගේ හඳුනා ගැනීමට ජනතාවට ඇති අයිතිය ද, උල්ලංඝනය වී ඇත  

ශ්‍රී  ලංකා වෛද්‍ය සභාව හා සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගත් ,සුදුසුකම් ලත් විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ගේ ලේඛනයක් පහත සඳහන්  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අන්තර්ජාල වෙබ් අඩවියේ පළ කර තිබේ .

https://slmc.gov.lk/en/public/registers

එම නිසා සුදුසුකම් ලත් විශේෂඥ මනෝ වෛද්‍යවරුන් හඳුනාගැනීමට ඉහත ලේඛනය උපයෝගී කර ගන්නා ලෙස ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය පොදු ජනතාවගෙන් ඉල්ලා සිටී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!