spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාවේ අංක එක බවට rata.lk පත්කරමු. පාඨක ඔබේ සහය අපට දෙන්න

පුවත්

විදෙස්

ගොසිප්වලින් මිදුණු, සත්‍ය තොරතුරු පදනම් කරගත්, හරවත්, අර්ථවත්, විද්‍යාත්මක දේ සමඟ මාධ්‍යකරණයක නිරතවීම ඉතාමත්ම අසීරු කාර්යයක්.

රට කළඹන, මිනිසුන් අතර විරසක ඇති කරන, ලාභ සහ බාල කුණු රසය විකුණන වෙබ් මාධ්‍ය කලාවෙන් මිදී සැබෑ අර්ථවත් වෙබ් අඩවියක් වෙන්න අපි මාස 20ක කාලයක් ඔබ සමඟ අත්වැල් බැඳගත්තා

“බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන්ට” යන්න තේමාකරගත් අපි එයට සැබෑ අරුතක් එක්කළ බව ඔබ දන්නවා.

වර්තමානයේ අමාරුම දේ තමයි පාඨකයාගේ විශ්වාසය දිනාගෙන නිවැරදි මාධ්‍ය වාර්තාකරණයක නිරතවීම. ඒ වගේම සමාජයේ රසවින්ධනය, බුද්ධිය වර්ධන කිරීම.

නමුත් අපි එය බාර ගත්තා. අභියෝගය පසුගිය මාස 20ක කාලයේ දී සාර්ථකව ජය ගන්නත් අපිට පුළුවන් වුණා කියල අපි හිතනවා.

පුංචි ම පුංචි වැඩක් විදියට අපි rata.lk “බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන්ට” තිළිණ කළ අපිට  දේශපාලකයන්ගෙන්, මහ තැන්වලින්, රාජ්‍ය ආයතනවලින්, රාජ්‍ය නිලධාරීන්ගෙන්, ඇතැම් වෘත්තීය සමිතිවලින් පවා ලැබුණේ “ගල්මුල්”, “මරණ තර්ජන” “බිය වැද්දවීම්” “පහර දීමට උත්සාහ ගැනීම්” “තර්ජන” “අකටයුතුකම්” “නො සලකා හැරීම්” ඒ විතරක් නොවෙයි උසාවි පොලීසි ගානේ රස්තියාදු කරවීම්.

ඒ සියල්ලට හේතුව වුණේ

නිවැරදි මාධ්‍ය භාවිතය.

මේ සියලු අභියෝග හමුවේ.

ඔබ අපිත් එක්ක හිටියා. හැමදාමත් අපිට ශක්තියක් වුණා.

ඔබේ ප්‍රශ්නවලට අපි වේදිකාවක් සකස් කළා.

ඔබ අපිට තොරතුරු සැපයුවා

ඉතින් මේ වනවිට ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් පිරිසක් සමඟ

අපි ඉදිරියට හෙමින් හෙමින් ගමන් කරනවා.

පාඨකයන්ගේ විශ්වාසය අපි දිනාගත්තා,

ඒ තුළින් සමාජයට කළ හැකි යහපත් බලපෑම අති විශාලයි.

ඒකට තවත් පුංචි හයියක් ලැබුණා

Best Web තරඟාවලියේ මාධ්‍ය, ක්‍රීඩා, විනෝදාස්වාද වෙබ් අඩවි 46 අතර අපිත් ඉන්නවා.

ඔබට පුළුවන් අපේ මේ උත්සාහයට ජවයක් දෙන්න, ශක්තියක් සපයන්න

දේශපාලන කුණු කතාවලින්, පවුල්වල ඔපාදූපවලින්, මිනී සහ කඳුළු විකුණන කතාවලින් තොර ඔබේ ම බෙව් අඩවිය rata.lk ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවිය කරන්න ඔබට අවස්ථාව තියෙනවා.

LK Domain Registry සංවිධානය කරන BestWeb.lk තරඟාවලිය මෙවර පැවැත්වෙන්නේ 12 වැනි වතාවට.

අද (03 වැනි දා) මධ්‍යම රාත්‍රියෙන් ඔබට මේ අවස්ථාව අහිමිවෙනවා. අද දවස තුළ පමණයි ඔබට rata.lk වෙබ් අඩවිය ජනප්‍රියම වෙබ් අඩවිය බවට පත්කරන්න අවස්ථාව තියෙන්නේ.

දැන් ඔබට පුළුවන් අපිව ඔසවා තියන්න.

ඒ ජනප්‍රියම වෙබ් අඩවිය තෝරාගැනීමේ දී ඔබේ කැමැත්ත පළ කරලා.

ඉතාමත් කෙටි කාලයක දී පාඨකයන්‍ අතරට ආපු අපිට

ඔබ ශක්තිය මේ වෙලාවේ අවශ්‍යයි.

මේක පුංචි ඉල්ලීමක්

මේ පහත තියෙන සබැඳියට යන්න

https://www.vote.bestweb.lk/login#

ඒකට ගිහින්

Categories List එකේ

Media, Sports, Entertainment Web site තෝරන්න.

එතැන Search Bar එකක් තියෙනවා.

Rata.lk කියල ටයිප් කළා ම

අපේ මහන්සියේ ප්‍රතිඵලය ඔබට දකින්න පුළුවන්.

කැමති නම් ඒ මහන්සියට උදව්වක් හැටියට ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්න.

(ඒ වගේම ඔබට හැකිනම් මෙය ඔබේ facebook ගිනුමේ පළකරන්න. නැතිනම් ඔබේ මිතුරන් අතරටත් යවන්න. ඔ‍බයි අපේ ශක්තිය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!