spot_img
spot_imgspot_img

දේශපාලන චෙස් ක්‍රීඩාවෙන් මානවම්ම කුමාරයා පැරද වූ රනිල්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය බලය ලබාගැනීම සඳහා වැඩිම වෙහෙසක් ගත් පුද්ගයා ලෙස ඉතිහාසයේ සඳහහන් වන්නේ ක්‍රිස්තු වර්ෂ 659 දී “දාඨෝපතිස්ස” නමින් රාජ්‍යත්වයට පත් වූ මානවම්ම කුමාරයාය.

දැන් මානවම්ම කුමාරයා ද වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට පරාජය වී අවසන්ය.

රූපවාහිනී නාලිකාවක සංවාදයට එක්වෙමින් මානවම්ම කුමාරය ගැන රනිල් කියූ විට ඒ කතාව බොහෝ සෙයින් ජනප්‍රිය වූයේය. මානවම්ම කුමාරය මෙරට සිංහාසනය දිනාගත්තේ වසර 24ක දැඩි වෙහෙසකින් පසුවය. රනිල් වික්‍රමසිංහ අවස්ථා කිහිපයක් ම රාජ්‍ය නායකත්වයට සමීප වුව ද අගමැතිධූරයෙන් 06 වතාවක් ම සෑහීමකට පත්වීමට සිදුවිය. නමුත් ඔහුගේ වසර 27කුත් මාස 06ක උත්සාහයකින් පසු හෙතෙම දැන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත්ව තිබේ. එනම් පූර්ණ බලැති විධායක ජනාදිපතිවරයා බවට පත්ව සිටියි. ඔහු බලයෙන් පහකෙරුණු විධායක ජනාධිපතිවරයාගේ ඉතිරි ධූරකාලයටත් පත්වනු ඇත්ද නැතිනම් සතියකින් ඔහුට එය අහිමිවනු ඇත්ද යන්න දැන්ම කීමට නොහැක.

එසේ කීමට නොහැක්කේ දක්ෂ චෙස් ක්‍රීඩකයකු වන රනිල් වික්‍රමසිංහ ඉතා සූක්ෂමව ප්‍රතිවාදිය ඕනෑම මොහොතක චෙක් මේට් කර දමන බැවිනි.

මේ චෙස් ක්‍රීඩාවේ කතාව ද රනිල්ගේ ජනප්‍රිය වූයේ සිරස නාලිකාවේ සංවාදයක දී චෙස් ලෑල්ලක් යොදා ගනිමිනි. ඔහු චෙස් ඉත්තන් එහා මෙහා කරමින් ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ කණ්ඩායම් හැඟීමත්, රගර් ක්‍රීඩාවේ ශක්තියත් ගැන කතා කළේය.

ඔහු සැබැවින්ම සිදුකර ඇත්තේ චෙස් ක්‍රීඩාවේ උපායශීලීත්වය භාවිතා කිරීමයි.

චෙස් යනු ලොව ඇති අපූර්වතම ක්‍රීඩාවකි. ඒ සඳහා බුද්ධිය මෙහෙයවීම අත්‍යාවශ්‍ය වේ. උපායශීලීත්වයත්, පළපුරුද්දත්, අවශ්‍ය අවස්ථාවේ දී තම ඉත්තන් බේරාගෙන පසු බැස නැවත සූක්ෂමව පහරදීමේ හැකියාවත් තිබිය යුතුය. රනිල් වික්‍රමසිංහ දක්ෂ චෙස් ක්‍රීඩක‍යකු මෙන්ම දේශපාලනයේ දී ත තරඟයක් ලෙහෙසියෙන් අත් නොහරින චෙස් ක්‍රීඩකයෙක් ම වෙයි.

චෙස් තරඟයක ද වටිනාකමන් අඩුම ඉත්තා සෙබළ (පෝන්) ඉත්තාය ජය ගැනීමට නම් ප්‍රතිවාදියාගේ රජා කොටු කිරීම හෙවත් චෙක් මේට් කිරීම කළ යුතුය. මෑත කාලීන දේශපාලන ඉතිහාසයේ දී රනිල්ගේ චෙස් කණ්ඩායමට අත්වූයේ ‍දැවැන්ත ප්‍රතිවාදීන් සමූශයකට මුහුණ දීමයි. ඉත්තන් එකිනෙක කැපී ගියේය. රනිල් වික්‍රමසිංහ නම් ක්‍රීඩකයා සියලු උපායන් භාවාති කරමින් පසු බැස්සේය. ප්‍රතිවාදියා පහසුවෙන් ජය ගන්නා බවක් පෙ‍ණිනි. රනිල් නම් ක්‍රීඩකයාට ඉතිරි වූයේ එකම එක සෙබළ ඉත්තකු පමණි. (පසුගිය මහ මැතිිවරණයේ දි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පමණි) චෙක් මේට් වීම ආසන්නයේ ම තිබිණි. නමුත් චෙස් ක්‍රීඩාවේ ආශ්චර්යය නම් එක කොටුවෙන් කොටුව ඉදිරියට යන සෙබළ ඉත්තා අටවැනි කොටුවට ගමන් කළ විට රැජිනියක බව ට පත්කර ගැනීමට හැකිවීමයි. රැජිනිය යනු වඩත් ප්‍රබලම හා භයානකම ඉත්තාය. සෑම දෙසටම ගොස් පහර දීමට හැකි ඉත්තාය. සෙබළකු හා රජකු පමණක් ඉතිරිව තිබිය දී සෙබළ ඉත්තා රැජිනියක කරගත හැකිනම් ප්‍රතිවාදියා මොහොතකින් පරාජය කළ හැකි බව රනිල් වික්‍රමසිංහ නම් චෙස් ක්‍රීඩකයා හොඳින්ම දනී.

පසු බසිමින් සිටි කණ්ඩායමේ තනි ඉත්තා ‍කාගේත් ඇස් වසා අවසන් කොටුව දක්වා ගෙන ගිය රනිල් වික්‍රමසිංහ ඉත්තා ප්‍රබලයකු කළේය. දැන් ප්‍රතිවාදියා චෙක් මේට් වී තිබේ. මානවම්ම කුමාරයා‍ගේ වාර්තා බිඳ දමමින් රනිල් වික්‍රමසිංහ නම් චෙස් ක්‍රීඩකයා තනි ඉත්තාගෙන් රජ වූයේය.

රාජ්‍යත්වය පතා වැඩිම කාලයක් කැපවීම් කරපු ලංකාවේ නායකයා ලෙස ‘මානවම්ම‘ වෙනුවට ‘රනිල් වික්‍රමසිංහ‘ අද සිට පත් පත්වෙයි. එය දවස් කීයකට ද වසර දෙකකට වැඩි කාලයක් සඳහා ද යන්න දන්නේ නැත.

නමුත්, රනිල් ගන්නේ ගිනිගත් දේශයකි.

වෙන කවරදාටත් වඩා රටේ මහජනතාව ඕනෑම මොහොතක පාරට බස්සවා දස දහස් ගණනක් එක අරමුණක් වෙනුවෙන් මෙහෙයවන්නට, අවිගත් හමුදාව සිටිය දී ඒ නොතකා තම ඉලක්කය කරා යැවීමට සමත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෝ ද, සැගවුණු දේශපාලන පක්ෂ නායකයෝ ද සිටිති.

ඔවුන් එක්ව සිටින්නේ මාරාන්තික විරෝධතායකය. වීදි සටන් ඕනෑම මොහොතක ඕනෑම තැනකින් ආරම්භ විය හැකිය. මිනිසුන් දුම්රිය බලෙන් ධාවන කරවාගෙන සටන්වදින්නට එති. අතේ ආයුධ නැතත් මිනිස් බලයෙන් රජයේ කාර්යාල, මහ මන්දිර විනාඩි කිහිපයකින් අල්ලා ගනිති.

රනිල් රාජ්‍ය බලය ගන්නේ එවැනි තත්වයක් නිර්මාණය වූ පෙට්‍රල් නැති, ඩීසල් නැති, ගෑස් නැති රටකය. ‍තෙල් නැවකට ගෙවා ගන්නට ඩොලර් නැති රටකි. රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නට මුදල් නැති රටකි.

මේ මොහොතේ පවා ක්‍රියාකාරීව සිටින දේශපාලනඥයන්ගෙන් බහුතරය ඔහුට මතවාදීව එරෙහි වන පමණක් නොව ඔහුට එරෙහිව මාරාන්තික විරෝධයක සිටින මොහොතකය. ඔහුගේ ම පක්ෂයෙන් දේශපාලනයට පිවිස වෙන්ව ගොස් ඔහුට එරෙහි වූ පිරිසක් පාර්ලිමේන්තුව නියෝජනය කරන මොහොතකය. ඔහුගේ සදාතනික දේශපාලන සතුරන් පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබාගත් අවස්ථාවක දී ය. දැන් ඒ සංයුතිය වෙනස්ව ඇතත් එහි සිටින බොහෝ දෙනකු රනිල් වික්‍රමසිංහගේ මතවාදයට කැමති නැත.
රනිල්ගේ දේශපාලනය ගැන අලුතෙන් ලියන්නට දෙයක් නැත. අරගලය, හදිසි නීතිය, ඇඳිරිනීතිය, සාගතය, පෝළිම්, ආර්ථික අර්බුදය මැදින් අගමැති බවට පත්වූ රනිල් ඒ සියල්ල සමඟින් අද රාජ්‍ය නායකත්වයට පත්ව තිබේ.

රාජපක්ෂවරු කිහිප දෙනකු තවමත් පාර්ලිමේන්තුවේ සිටිය ද රාජපක්ෂ යුගය අවසන් යැයි ජනතාව විශ්වාස කරති. දැන් ඇරඹෙන්නේ රනිල් වික්‍රමසිංහ යුගයක් ද සැබෑම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් දැයි අපි දන්නේ නැත. රනිල් වික්‍රමසිංහ යනු ව්‍යවස්ථාවතේ දේශපාලනයත්, නීතියත් හොඳින්ම දන්නා අයෙකි.

මානවම්ම කුමාරයා පරාජය කළ ඔහු දක්ෂ චෙස් ක්‍රීඩකයෙකි. ඔහුගේ චෙස් ක්‍රීඩාවේ තරම අද සිට එළැඹෙන කාලයේ දී අනාගතය විසින් තීරණය කරනු ඇත. ඒ වර්තමානය අතීතයට එක් වූ විට දී ය.

එදාට අපි රනිල් වික්‍රමසිංහගේ ශේෂ පත්‍රය ලියා තබමු.

“How to work with Netflix ” — මේ දවස්වල සැලකිය යුතු පිරිසකට ඇති ප්‍රශ්නය ඒකය.

-හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් තැබූ සටහනක් අනුසාරයෙන් සකසන ලදී –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!