spot_img
spot_imgspot_img

නව ජනාධිපති සහ අගමැති තෝරන්න පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

පුවත්

විදෙස්

බලයෙන් පහකරන ලද ජනාධිපති ‍ගෝඨාබය රාජපක්ෂගේ ධූරයේ ඉතිරිව ඇති කාලය සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත්කරගැනීමේ කාර්යය සඳහා හෙට (16) පාර්ලිමේන්තුව රැස්කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

1981 අංක 02 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත සහ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි වගන්තිය අනුව නව ජනාධිපතිවරයා තෝරාපත්කරගන්නා තුරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධූරයේ බලතල සහ කාර්ය සහ කර්තව්‍යය ක්‍රියාත්මක කරනු ලබයි. ඒ සඳහා අගමැතිවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට ද නියමිතය.

කතානයකවරයා අද (15) විශේෂ පක්ෂ නායක රැස්වීමක් ද කැඳවා ඇති අතර ජනාධිපතිවරයකු සහ නව අගමැතිවරයකු තෝරාගැනීමට අදාල ක්‍රියාවලිය සතියක් ඇතුළත අවසන් කිරීමට කටයුතු කරන බව ද කතානායකවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!