spot_img
spot_imgspot_img

ෂෙඩ් එකේ පහරදීම පටිගත කළ පුද්ගලයාට, හමුදාවෙන් මරණ තර්ජන (වීඩියෝ සහිතයි)

පුවත්

විදෙස්

කුරුණෑගල, යග්ගහපිටියේ ඉන්ධන පිරවුම්හළක දී හමුදාවේ ලුතිනන් කර්නල්වරයුකු නිරායුධ සිවිල් පුරවැසියකුට පහරදෙන දර්ශන පටිගත කළ පුද්ගලයා එම යුද හමුදා නිලධාරියාගෙන් මරණ තර්ජන එල්ල වී තිබේ. “මගේ කොල්ලන් එවලා උඹට කරන දේ බලපන්” යනුවෙන් ඔහුට පවසා ඇත.

කොල්ලන් යනුවෙන් සඳහන් කරන්නේ යුද හමුදාවේ සෙබළු බව ද තර්ජනයට ලක්වූ පුද්ගලයා පවසයි. යුද හමුදාව මෙවැනි තත්තවයකට පත්ව තිබීම සම්බන්ධයෙන් තමන් කණගාටුවන බව ද තමන්ට නීතියේ පිහිට ලැබේ යැයි ද සැකයක් පවතින්නේ යැයි ද තර්ජනය ලක්වූ රසික හේරත් මාධ්‍ය සමඟ කීවේය.

ඔහු මේ බව මීමැස්සෝ ටීවී නමැති යූටියුබ් නාලිකාවේ මාධ්‍යවේදී කල්ප ගුණරත්න සමඟ පවසන වීඩියෝව පහතින් සඳහන් කර ඇත.

නිරායුධ සිවිල් පුරවැසියකුට එලෙස පහර දෙන යුද හමුදා නිලධාරියා කුරුණෑගල හමුදා කඳවුරේ ලුතිනන් කර්නල් විරාජ් කුමාරසිංහ ලෙස මේ වනවිට හදුනාගෙන තිබේ.

එම නිලධාරීවරයා රාජකාරියේ යෙදී සිටින අතරතුර සිවිල් පුරවැසියකුට පහර දෙන දර්ශන රූගත කර අන්තර්ජාලයට මුදාහරින ලද කුරුණෑගල පිදිංචි රසික හේරත්ට ජංගම දුරකථනයෙන් අවස්ථා කිහිපයක දී ම මරණීය තර්ජන කර තිබේ. මේ හේතුවෙන් ඔහු මේ වනවිට සිය බිරිඳ සහ දරුවන් ද පදිංචි නිවසෙන් ඉවත්කර වෙනත් ආරක්ෂිත ස්ථානයකට යවා ඇත.

රසික හේරත් මෙසේ පවසයි.

“මම දවස් 05ක් ඉන්ධන ලබාගන්න පෝළිමේ හිටියා. ඒ පෝළිමේ හිටපු කෙනෙක් කිව්වා අපි දැන් දවස් හතරක් ඉන්නවා රුපියල් 1500.00ක පෙට්‍රල් ගන්න. ඒ නිසා අපිට පෙට්‍රල් ටිකක් දීලා පොලිසියේ මහත්වරුන්ට දෙන්න කියලා. එයි කිසිම නරක වචනයක් කිව්වේ නෑ, පොලිසියත් මේක අහගෙන හිටියා. පොලිසිය මොනවත් කිව්වේ නෑ. ඒ වෙලාවේ තමයි මේ කියන හමුදා නිලධාරියා එයාගේ පපුවට තමන්ගේ බූට් එකෙන් පහර දෙන්නේ. මේක මම පිටිගත කරලා එය වැරදි වැඩක් නිසා අන්තර්ජාලයට එක්කළා. පස්සේ මට ඇමතුම් ගොඩක් ආවා. කිහිපයකට මම පිළිතුරු දුන්නාම කිව්වා උඹ ගැන අපි බලාගන්න.  බලපන් තොට කරන දේ කියලා. අපි මේ දුරකථන ඇමතුම දුන් අංකය පරීක්ෂා කළාම ඒක සඳහන් වුණේ ලුතිනන් කර්නල් විරාජ් කුමාරසිංහ කියලා. මම දරුවන්වත් බිරිඳවත් වෙනත් ආරක්ෂිත තැනකට යැව්වා”

ඔහු පවසන්නේ තමන් නීතිඥයකු සමඟ ගොස් මේ පිළිබඳ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න පවසන්නේ ඉන්ධන පිරවුම්හළ අසළ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයකු යුද හමුදාව විසින් තම භාරයට ගෙන සිටිය දී හමුදා නිලධාරියකු ඔහුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!