spot_img
spot_imgspot_img

ගෝඨාභය නිදොස් කර නෑ. යළි ඕනෑ වුණොත් ලේඛන අවශ්‍යයි. කියමින් මැදමුලන කෞතුකාගාරයේ ලේඛන නිදහස් කරයි

පුවත්

විදෙස්

ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධ නඩුවට අදාලව අධිකරණයට භාර දී තිබූ ඉඩම් ‍ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු ලේඛන යළි අධිකරණයට බාර දීමේ කොන්දේසිය මත මුදාහැරීමට අද (04) කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කරන ලදී.

චම්පා ජානකී රාජරත්න සහ නාමල් වලල්ලගේ යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබීය.

එි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ උදාර කරුණාතිලක කියා සිටියේ මම නඩුවේ විත්තිකරුවන් නිදහස් කර ඇති බැවින් නඩුවට අදාලව අධිකරණය භාරයට ගෙන ඇති ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු ලේඛන එම සංස්ථාව වෙත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

විනසුරු චම්පා ජානකී රාජරත්න, විත්තිකරුවන් නිදහස් කිරීම කර ඇතත් නිදොස් කොට නැතැයි කියමින් ඉදිරියේ දී නැවත නඩු පැවරීමක් සිදුවුවහොත් ලේඛන ලැබෙන්න‍ේ ද යන්න රජයේ නීතිඥඤයාගෙන් විමසා සිටියාය.

එහි දී රජයේ නීතිඥයා සඳහන් කළේ අදාල ලේඛන සුරක්ෂිිතව තබා ගන්නා ලෙසටත්, යළි අධිකරණය ඉල්ලා සිටින අවස්ථාවක ඒවා ඉදිරිපත් කිරිමේ කොන්දේසිය මත ලේඛන මුදාහරින ලෙසත්ය.ඒ අනුව ලේඛනවල සහතික පිටපතක් ලබාගැනීමෙන් අනතුරුව යළි අධිකරණය ඉල්ලා සිටින අවස්ථාවක ලබාදීමේ කොන්දේසියට යටත්ව ඒවා මුදාහැරීමට අධිකරණ මඩුල්ල නියෝග කළේය.

වත්මන් ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞථුකාගාරය ඉදිකිරීමේ දී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ඔහු ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි. ඒ ඉකුත් යහපාලන ආණ්ඩුව කාලයේ දී ය. නමුත් පසුව නටඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකියැයිි කියමින් එය ඉල්ලා අස්කරගැනීමට නීතිපතිවරයා කටයුතු ක කළේය. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ සහ විත්තිකරුවන්ට නිදහස හිමිවුව ද එය නිදොස්කොට නිදහස් කිරීමක් නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!