වප් පුන් පෝ දා විහාරස්ථාන හිස්වෙයි

0
132

වප් පුන් පොහොය යෙදී ඇති අද (30) දිනයේ බෞද්ධ සිද්ධස්ථාන බොහොමයක පෙහෙවස් සමාදන් වූ පිරිස කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් ඉතා සීමිත ප්‍රමාණයක් විය.

බුදු රජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව වැඩමකර දඹදිව සංකස්ස පුරයට නැවත වැඩමකිරීම, මහා පවාරණ දිනය, ජය ශ්‍රී මහා බෝ ශාඛාව ලංකාවට වැඩමකරවා ගැනීම සඳහා දෙවනපෑතිස්ස රජු විසින් අරිට්ඨ කුමරු ඇතුළු දූත පිරිස අත ධර්මාශෝක රජු වෙත සංදේශයක් යැවීම යන සිදුවීම් වප් පොහොය දිනයේ සිදුවීයැයි බෞද්ධයෝ විශ්වාස කරති.

පෝදා පිංකම්වලට 50 අඩු සංඛ්‍යාවක් සහභාගී කරවාගන්නා ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා ඉල්ලීමක් ද කර තිබිණි.

හික්කඩුවේ තොටගමුව රන්පත් රජමහා විහාරයේ අද පෙහෙවස් සමාදන් වී සිටියේ එක් උපාසිකා මාතාවක් පමණි. වෙනත් පොහොය දිනවල දී තුන් හාරසියයක පමණ පිරිසක් මේ රජමහා විහාරයේ පෙහෙවස් සමාදන් වෙති.

ඇතැම් විහාරස්ථානවල උපාසක උපාසිකාවන් කිසිවෙකුත් දක්නට නොලැබුණු අතර වැඩි දෙනකු සිය නිවෙස්වලම පෙහෙවස් සමාදන්වන බව භික්ෂූන් වහන්සේලා පැවසූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here