spot_img
spot_imgspot_img

මැතිව්ස්ට කොරෝනා. ශ්‍රී ලංකා කණ්ඩායම අමාරුවේ

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයට ක්‍රීඩාකරන ඇන්ජලෝ මැතිව්ස්ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඊයේ (30) ඇති වූ අසනීප තත්වයක්  හේතුවෙන් ඔහු කොරෝනා පිළිබඳ පරීක්ෂණයකට යොමුකර තිබිණි. මැතිව්ස්ට කොරෝනා ආසාදිත බව තහවුරුවීමත් සමඟ ඔහු අනිකුත් ක්‍රීඩකයන්ගෙන් හුදකලා කිරීමට කටයුතු කර ඇත

අද උදෑසන ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 321කට අවසන් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ඔවුන් ලකුණු 109ක් ඉදිරියෙන් සිටියි.

මෙවැනි තත්වයක් තුළ ශ්‍රී ලංකාවේ පළපුරුදුම පිතිකරුවා සහ ලකුණු අතර සිටින ක්‍රීඩකයකු වන මැතිව්ස් රෝගාතුර වීම ශ්‍රී ලංකා කණ්ඩායමට දැරිය නොහැකි පාඩුවක් වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ මැතිව්ස් වෙනුවනට ඕෂධ ප්‍රනාන්දු කැඳවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!