spot_img
spot_imgspot_img

ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත බව ‍සනාථ කරමින් වසර 30කට පසු ලැබූ වාර්තාගත ජයක්

පුවත්

විදෙස්

අවසන් පන්දුවේ දී හදවත නතරවන තරමට ප්‍රේක්ෂකයන් පුදුමයට පත්වූ තරඟයක් ලකුණු 04කින් ජයගනිමින් වසර 30කට පසු සිය මව්බිමේ දී එක්දින තරඟාවලියකින් ඕස්ට්‍රේලියානුවන් පරාජයට පත්කිරීමට ඊයේ (21) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

1992 දී අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ ඕස්ට්‍රේලියානුවන් ශ්‍රී ලංකාවේ දී තරඟාවලියක් පරාජයට පත්වීමෙන් පසු කිසි දිනක ඔවුන් මෙරට දී තරඟාවලියක් පරාජයට පත්ව තිබුණේ නැත. එම තරඟාවලිය ද තරඟ තුනකින් සමන්විත වූවකි. මීට පෙර ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලි 04ක් පවත්වා තිබූ අතර ඒ සියල්ලම ජය ගෙන තිබුණේ ඕස්ට්‍රේලියාවයි.

ශ්‍රී ලංකාව අවසන්වරට ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් පරාජයට පත්කර තිබුණේ 2011 වර්ෂයේ දී ය. එම තරඟවාලිය ඕස්ට්‍රේලියාවේ දී පැවැති එකකි.

ඊයේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරඟය ජයගැනීමත් සමඟ තරඟයක් ඉතිරිව තිබිය දී ම ශ්‍රී ලංකාවව 3-1ක් ලෙස තරඟාවලිය ජයගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනාගතහොත් පළමුව පන්දුවට පහර දෙනු ඇතැයි විචාරකයන් කීව ද කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානුවන් විසින් ම ඒ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට පිරිනැමිණි. ඉතාමත් මන්දගාමී ස්වරූපයක් දක්නට ලැබෙන තණතීරුවේ රාත්‍රී කාලයේ ඇතිවන පින්න කෙරෙහි ඕස්ට්‍රේලියානුවන් වැඩි විශ්වාසයක් තබන්නට ඇත.

ඉනිම ආරම්භයේ දී ම ඕස්ට්‍රේලියානුවන් ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් අඩු ලකුණු  සංඛ්‍යාවකට (ලකුණු 34කට කඩුළු 3ක්) දවාගැනීමත් සමඟ පසුපස පාදයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සිය මංගල එක්දින ශතකය ලබාගත් චරිත් අසලංකාගේ ඉනිම වටා සවිමත් වූ කණ්ඩායම ඉතාමත් පහසුවෙන් 280 සීමාවට යන බවක් පෙන්නුව ද ඉතාමත් දුර්වල දුවද්දී දැවීයාම් හේතුවෙන් ලකුණු 258කට සීමා විය.

සිය පිළිතුරු ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියානු පිතිකරණ බල ඇණියට මෙය ඉතාමත් පහසු ඉලක්කයක් බව පෙනෙන්නට තිබිණි. ආරම්භයේ සිටම සැළසුම් සහගතව අවශ්‍ය දළ ලකුණු වේගය පවත්වාගෙන යමින් ආක්‍රමණය දියත් කළ ඕස්ට්‍රේලියානුවෝ පහසු ජයග්‍රහණයක් කරා යමින් සිටිය ද ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත බව සනාථ කරමින් 189 දී කඩුළු 4ක් ලෙස සටහන් වූ ඕස්ට්‍රේලියානු ඉනිම 192කට කඩුළු 07ක් ලෙස විනාශ වී ගියේ ට්‍රෙවිස් හෙඩ්,  මැක්ස්වෙල් සහ ඒ වනවිට ලකුණනු 99ක් ලබා සිටි වෝනර් පවා පිටියෙන් ඉවත්කරමිනි.

මැක්ස්වෙල් දවාගැනීම සඳහා ‍තෙවන විනිසුරුගේ සහාය ලබාගැනීම ඉතාත් තීරණාත්මක අවස්ථාවක් විය. පන්දුව පිට ඉන්නෙන් පිටතට පතිත වූ ලෙස පෙනෙන්නක් බැවින් රුචිර පල්ලියගුරු ඔහු දැවී නොගිය ක්‍රීඩකයකු ලෙස නම් කළ ද මහීෂ් තීක්ෂණට තම පන්දුව ගැන අචල විශ්වාසයක් තිබිණි. ශ්‍රී ලංකා නායකයා සිය පන්දු යවන්නා කෙරෙහි විශ්වාසය තබා තෙවැනි විනිසුරට එය යොමු කළේය. ඒ අනුව මැක්ස‍්වෙල් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවූ ක්‍රීඩකයකු ලෙස නම් කෙරිණි.

ඉන් පසු ශ්‍රී ලංකාවට ජයග්‍රහණය පහසු ඉලක්කයක් වී තිබිණි. අවසන් පන්දුවාරය වනවිට කඩුළු 09ක් අහිමිව සිටි ඕස්ට්‍රේලියාවට අවශ්‍ය ලකුණු සංඛ්‍යාව 19ක් විය පිටිය දඟ පන්දු යවන්නන්ට ලබාදුන් සහයෝගය හමුවේ මේ ඉලක්කය ඕස්ට්‍රේලියාව අත පොවන මානයේ නොවන බව විචාරකයෝ කියද්දී මද වේග පන්දු යවන දසුන ශානක පන්දු අතට ගත්තේ ප්‍රේක්ෂකයන් පවා පුදුමයට පත්කරමිනි. නමුත් ශ්‍රී ලංකා නායකයා අවශ්‍යම මොහොතේ ජයග්‍රහණය පහසු කරනු ඇතැයි ප්‍රේක්ෂකයන් ජය ඝෝෂා නගමින් බලාපොරොත්තුවෙන් සිටිය ද පළමු පන්දු 05 දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ අවසන් පිතිකරු මැතිව් කුනේමන් ලකුණු 14ක් ම උදුරා ගත්තේ එක් පන්දුවකින් ලකුණු 05ක් එනම් හයේ පහරක් එල්ල කර ජයග්‍රහණය කිරීමට හෝ හතරේ පහරකින් තරඟය සම කළ හැකි මට්ටමකට ගෙන එමිනි.

ශ්‍රී ලංකා වේග පන්දු උපදේශක ලසිත් මාලිංග ද ඒ වනවිට හතරේ සීමාව අසළ රැඳී යම් යම් දේ පවසමින් සිටි අතර සියලු ක්‍රීඩකයෝ පහසු ජයග්‍රහණය ගිලිහීයාමත් සමඟ ඇති වූ තත්වය හමුවේ දසුන ශානක සමඟ සාකච්ඡා කරන්නවිය. අවසානයේ විනිසුරුවරයා ද පන්දුව යවන ලෙස ශ්‍රී ලාකා නායකයාට පවසන ලදී.

තමන්ට නැති වීමට දෙයක් නොමැති බවත් වේගවත් පහරක් පමණක් ජයග්‍රහණයට හෝ පරාජය නොවී සිටීමට හේතු විය හැකි බව දන්නා කුනේමන් අවසන් පන්දුවේ දී එල්ල කළ වේගවත් පහර එක්ස්ට්‍රා කවර් හි සිටි චරිත් අසලංක විසින් සුරැකිව රැක ගැනීමත් සමඟ ලකුණු 04 තියුණු ජයග්‍රහණයක් ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිවිය.

වසර ගණනාවක් ම ශ්‍රී ලංකා කණ්ඩායමට ගැටලුවක් වී තිබුණේ ඉනිමක් කඩා වැටෙන විට යළි එය ගොඩනැගීමට හැකි සම්බන්ධතා ඇති නොවීමයි. නමුත් මේ තරඟාවලියේ දී එම දුර්වලතාව යළි සකස්කරගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ. ලකුණු 34කට කුඩුළු 03ක් අහිමි වී සිටි අවස්ථාවේ දී ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක දෙදෙනා 04 වැනි කඩුල්ලට ලකුණු 101 ක විශිෂ්ඨ සම්බන්ධතාවක් ගොඩනගන ලද්දේ පන්දු 100ක් වැය කරමිනි. ලකුණු 60කට ධනංජය ද සිල්වා දැවීයාමත් සමඟ චරිත් අසලංක ක්‍රමයෙන් සිය ශතකය කරා ගියේය.

19න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස ඉතාමත් පරිනත ක්‍රීඩාශීලීත්වයක් පෙන්නුම් කරන චරිත් අසලංක අනාගත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයකු වනු ඇතැයි යන්න ක්‍රීඩාවිචාරකයන් පවසන අනාවැකිවලට තවත් ශක්තියක් එක්කළ ඔහු පන්දු 100කින් සිය මංගල ශතකය 101ක් ලබා සිටිය දී දැවී ගියේ තවත් පන්දුවාර තුනක් ඉතිරිව තිබිය දීය. ඔහුගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 10කින් අලංකාර වී තිබිණි.

නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පන්දුවාරය මුළුමනින්ම අහිමිවිය. ඒ 49 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී ද කඩුල්ලක් දැවීයාම හේතුවෙනි. එම පන්දුවාර දෙකටම ශ්‍රී ලංකාව ලබාගත්තේ ලකුණු 03ක් පමණි.

පිතිකරණයේ උස්වීමක් ලබා ඉහළින් පැමිණි නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ඒ අවස්ථාවේ ලකුණු 21ක් ලබා ගනිමිනි. ඔහු පන්දුවට පහරදීමේ දී ද තමන්ට වගකීමක් දැරිය හැකි බව මනාව පෙන්වා දුන්නේ පරිණත පිතිකරුවකුගේ ලක්ෂණ නේවමිනි.

අවසන් මොහොතේ ජෙෆ්රි වැන්ඩසේ සහ මහීෂ් තීක්ෂණ දෙදෙනාම අනවශ්‍ය ලෙස දුවද්දී දැවීයාම හේතුවෙන් අනෙක් අන්තයේ සිටි වනිඳු හසරංගට කිසිවක් කළ නොහැකි විය.

තරඟයේ වීරයා – චරිත් අසලංක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!