spot_img
spot_imgspot_img

Viber විනෝදාශ්වාදය සඳහා mgames chatbot එළිදක්වයි

පුවත්

විදෙස්

Rakuten Viber හා Mineski Global සමඟ සහයෝගීතාවය ඇතිව ලොව ප්‍රමුඛ පෙළේ පණිවුඩකරණ යෙදුම වන Viber තුළ ආකර්ෂණීයව සහ පහසුවෙන් ක්‍රීඩා කළ හැකි අති නවීන වූ ජංගම වීඩියෝ ක්‍රීඩා (Hypercasual Games) හඳුන්වා දීමට පියවර ගෙන ඇත. 

ආසියා පැසිෆික් කලාපය පුරා විසිරී සිටින Viber පරිශීලකයින් සඳහා 2022 වසරේ ජූනි මාසයේ සිට Viber හි mgames chatbot හරහා සෑම මසකම නව ක්‍රීඩා හඳුන්වාදීමට නියමිත අතර ඒ සමඟින්, Hypercasual ක්‍රීඩා 70ක් දක්වා නොමිලේ සහ පහසුවෙන් ක්‍රීඩා කිරීමට ප්‍රවේශය ලබා දී ඇත. mgames යනු Mineski Global සමාගම විසින් නිර්මාණය කරන ලද ජංගම වීඩියෝ ක්‍රීඩා වේදිකාවක් වන අතර ක්‍රීඩා කිරීමට පහසු මෙන්ම ක්‍රීඩාව හා සම්බන්ධ නියමයන් සහ සැලසුම් අනුව සැහැල්ලු ලෙස ක්‍රීඩා කිරීම සඳහා පුළුල් අවස්ථා රැසක් සලසා දී ඇත. 

“විවිධ වූ පරිශීලකයින් සඳහා ජංගම ක්‍රීඩා අපගේ වේදිකාවට ඒකාබද්ධ කිරීමට Mineski Global සමාගම සමඟ අප ඇති කරගත් සහයෝගීතාවය පිළිබඳව සතුටට පත් වන බව Rakuten Viber හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඩේවිඩ් ට්සේ පවසයි. ඔහු ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් මෙසේද සඳහන් කරයි.”අපි Viber තුළින් හුදෙක් ක්‍රීඩාවක් පමණක් එළිදක්වන්නේ නැත. අපිට අවශ්‍ය වන්නේ මේ හරහා Hypercasual ක්‍රීඩකයින්ගේ ප්‍රජාවක් ගොඩනැඟීමටයි. අපගේ පරිශීලකයින්ට ක්‍රීඩා වින්දනයක් තුළින් එකිනෙකා අතර අන්තර් සබඳතා සහ සන්නිවේදන ක්‍රියාවන් වැඩි දියුණු කිරීම සඳහා තවත් මාවතක් සලසා දීම අපගේ අපේක්ෂාවයි.”  

ඇදහිය නොහැකි ලෙස වචන ගලපන්නන් (WordMasters) සහ ත්‍රාසය සොයන ඇඩ්‍රිනලින් ලෝලීන්ගේ සිට අපූරු ප්‍රහේලිකා විසඳන්නන් සහ තරඟකාරී ධාවකයන් ඇතුළුව Viber භාවිතා කරන සියල්ලන් සහ වයස් කාණ්ඩ සඳහා විවිධ වූ විකල්ප සමඟින් නියත වශයෙන්ම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!