spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාව එක්දින තරඟාවලිය සමකරයි

පුවත්

විදෙස්

ඕස්ට්‍රේලියාව හමුවේ තරඟයක් ජයගැනීමට තරම් ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් නොමැති වුව ද පන්දු යැවීමේ සහ පන්දු රැකීමේ විශිෂ්ඨ දක්ෂතා නිසාම දෙවැනි එක්දින ජාත්‍යන්තර තරඟය ඕස්ට්‍රේලියාව පරදා ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 26කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අවසන් කඩුළු 05ම ලකුණු 19ක් තුළ බිඳ වැටීම විශේෂත්වයකි.

ඒ අනුව තරඟ පහකින් සමන්විත තරඟවාලිය 1-1ක් ලෙස සමවී තිබේ.

අද (16) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගංණයේ දී පැවැති දෙවැනි තරඟයේ කාසියේ වාසිය ලබාගත් ඕස්ට්‍රේලියානු නායකයා ශ්‍රී ලංකා කණ්ඩායමට පළමුව පන්දුවට පහරදීමට ආරාධනා කළේය. එහි දධී පන්දුවාර 47.4ක දී ක්‍රීඩාංගණයට වැසි පතිත වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 220ක් ලබා සිටියේ.

ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 43ක දී ලකුණු 216ක ඉලක්කයක් ලැබිණි.

ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා ආරම්භ පිතිකරුවන්ට අද ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ කිසිම අවස්ථාවක හිස එසවීමට ඉඩ දුන්නෙන් නැත.

පැතුම් නිශ්ශංක පළමු කඩුල්ල ලෙස දැවවී ගියේ ලකුණු 14ක් ලබා සිටිය දී ය. වේගයෙන් පන්දුවට පහර දෙන ධනුෂ්ක ගුණතිලක දෙවැනි කඩුල්ල ලෙස දැවී යනවිට පන්දු 30කට මුහුණ දී ලබා සිටියේ ලකුණු 18ක් පමණි. ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 35කි.

පිටියේ එක් වූ කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා ක්‍රමයෙන් ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කරමින් සිටිය දී කඩුළු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරිගේ විශිෂ්ඨ උඩ පන්දු රැකීමක් හමුවේ ලකුණු 34කට දැවී ගියේය. ඒ ඔවුන් දෙදෙනා අතර ගොඩනැගුණු ලකුණු සම්බන්ධතාව ලකුණු 67කට සීමා කරමිනි. ඉන් මොහොතකට පසු කුසල් මෙන්ඩිස් ද තම ප්‍රියතම පහර වැරදී යාමෙන් ලකුණු 36කට දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායම අසීරුතාවකට පත්කරමිනි.

දසුන් ශානක සහ චරිත් අසලංක පිටියේ එක්වුව ද අසලංක ලකුණු ලකුණු 13කට දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම කඩුළු 05කට ලකුණු 130ක් විය. චාමික කරුණාරත්න ලකුණු 18කට දැවී ගියේය. ඒ මුළු ලකුණු සංඛ්‍යාව 159ක් ව තිබිය දී ය. ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වාසය තැබිය හැකි අවසන් පිතිකරුවා ලෙස දසුන් ශානකට එක්වූයේ පළමු තරඟයේ දී එක්දින වරම් ලබාගත් දුනිත් වෙල්ලාලගේය. වෙල්ලාලගේ පිටියට පිවිසිය ද දසුන් ශානකට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ඕස්ට්‍රේලියානුවෝ ඉඩ දුන්නේ නැත. ලකුණු 172 දී 07 වැනි කඩුල්ල ලෙස දැවී ගියේය. වෙල්ලාලගේ ද හයේ පහරක් සහ එක් හතරේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබාගත් අතර ලකුණු 07කට ජෙෆ්රි වැන්ඩසේ 198 දීත් වෙල්ලාලගේ 199දීත් පිටියෙන් ඉවත්ව ගියේය. පන්දුවාර 47.4 දී වැසි පතිතවන තුරු සිය කඩුළු ආරක්ෂා කරගත් දුෂ්මන්ත චමීර 07ක් සහ මහේෂ් තීක්ෂණ 11ක් ලබා ගනිමින් නොදැවී සිටියහ.

ඕස්ට්‍රේලියානු ඒ කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණ සිටි මැතිව් කුනේමන් සහ ට්‍රැවිස් හෙඩ් දෙදෙනා අද එක්දින තරඟයට කැඳවා තිබිණි. කුනේමන් පන්දුවාර 10ක දී ලකුණු 48කට කඩුළු 02ක් දවා ගත්තේය.

වේග පන්දු යවන්නන් ගැන කවදත් විශ්වාසය තබා සිටින ඕස්ට්‍රේලියාව අද දඟ පන්දු යවන්නන් තිදෙනකු සමඟ තරඟයට අවතීර්ණ වී සිටි අතර ඔවුන්ගේ පන්දු වාර 30 දී ශ්‍රී ලංකා කණ්ඩායාමට ලබාගත හැක වූයේ ලකුණු 141ක් පමණි. ඒ අතර කඩුළු 05ක් ද දඟ පන්දුයවන්නන්ට ගොදුරු විය.

පන්දුවාර 43ක දී ලකුණු 216ක් ලබාගැනීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට රැස්කරගත හැකි  වූයේ සියලු දෙනාම දැවී ලකුණු 189ක් පමණි.

ඔස්‍ට්‍රේලියානුවන් ආරම්භයේ සිට ම වේගයෙන් ලකුණු ලබාගැනීමට උත්සාහ ගත් අතර පළමු ගඩුල්ල ලෙස ෆින්ච් ලකුණු 14කට දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව සටහන් වූයේ 39ක් ලෙසිනි. අද දිනයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩේවිඩ් වෝන් දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 37කට දැවී යන විට කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 62ක් විය. ස්ටීවන් ස්මිත් 20 වැනි පන්දුවාරයේ අවසන් පන්දුව යැවූ චාමික කරුණාරත්න හමුවේ දැවී ගියේ ලකුණු 28ක් ලබා ගනිමිනි. ඒ වනවිට ඔස්ට්‍රේලියාව ලකුණු 93ක් ලබා සිටියේය. හතරවැනි කඩුල්ල ලෙස ට්‍රැවිස් හෙඩ් ලකුණු 23කට පිටියෙන් ඉවත්කිරීමට වෙල්ලාලගේ සමත්වූ අතර ඒ වනවිට ඕස්ට්‍රේලියාව පනුද්වා 26.2 දී ලකුණු 123ක් ලබා තිබිණි. පස්වැනි කඩුල්ල 132 දී ද බිඳවැටුණ නමුත් මැක්ස්වෙල් ඒ වනවිට මනා පාලනයකින් පන්දු යවමින් සිටි නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට අනුකම්පා විරහිතව පහර දෙමින් සිටියේය.  

වරක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සැළසුම් සහගතව ඉතාමත් පහසුවෙන් මේ ඉලක්කය සම්පූර්ණ කරනු ඇතැයි පෙනී ගිය ද චාමික කරුණාරත්නගේ විශිෂ්ඨ පන්දු යැවීමකින් ග්ලේන් මැක්ස්වෙල්ගේ ඉනිම අවසන්වීමත් සමඟ ඔස්ට්‍රේලියානුවන්ට යළි හිස එසවීමට ශ්‍රී ලංකා පන්දුයවන්නෝ ඉඩ දුන්නේ නැත. ඔහු 06 වැනි කඩුල්ල ලෙස ලකුණු 170 දී දැවී ගියේ 34 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දීය. නමුත් ඒ වනවිටත් ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණය අපහසු ඉලක්කයක් වූයේ නැත. නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් සිය ග්‍රහණය දිගින් දිගටම දැඩි කිරීමේ ප්‍රතිඵලය වූයේ ලකුණු 177 දී ඇලෙක්ස් කේරි ලකුණු 15කට දුවද්දී දැවී යාමයි. ඉන් පසු ලකුණු 181 දි පැට් කමින්ස්, 185 දී මිචෙල් ස්වෙප්සන් සහ 189 දී මැතිව් කුනෙමන් දැවී යාමෙන් ඕස්ට්‍රේලියානු ඉනිම අවසන් වූ යේ තවත් පන්දු 34ක් ම ඉතිරිව තිබිය දී ය.

තරඟයේ වීරයා ලෙස චාමික කරුණාරත්න නම් කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!