spot_img
spot_imgspot_img

රාජ්‍ය මාධ්‍ය ආයනවලට අලුත් ලොක්කෝ එයි

පුවත්

විදෙස්

රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව ප්‍රධානීන් පත්කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක නිවෙද්නයක් නිකුත් කරමින් කියා සිටියි.

ජනමාධ්‍ය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අද (13) මෙම පත්වීම් සිදුකර ඇත.

ඒ අනුව රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අසංක ප්‍රියනාත් ජයසූරිය පත්කර ඇති අතර අධ්‍යක්ෂ මණ්ඩලයට මහාචාර්ය චමින්ද රත්නායක, මහාචාර්ය ඩී.එම්.අජිත් දිසානායක, නීතිඥ රඛිත අබේගුණවර්ධන පත්කර තිබේ.

ස්වාධීන රූපවාහිනයේ නව සභාපතිවරයා ලෙස වරලත් ගණකාධිකාරී ගණක අමරසිංහ පත්කර ඇත. එහි අධ්‍යක්ෂවරුන් ලෙස නීතිඥ ලලිත් පියුම් පෙරේරා, කතිකාචාර්ය මහේෂ්වරී මහිමදාස්, රවීන්ද්‍ර ගුරුගේ, ඉන්දික ලියනහේවගේ, හසන්ත හෙට්ටිආරච්චි යන පිරිස පත්කර ඇත.

ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස හඩ්සන් සමසරිංහ පත්කරනු ලැබ සිටියි. අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස මාගම්මන පඤ්ඤාලෝක හිමි, ප්‍රියන්ත කේ. රත්නායක, ජේ.යෝගරාජ්, එම් සිසිර කුමාර යන පිරිස පත්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!