spot_img
spot_imgspot_img

Uber Eats ඩිලිවරි සේවා සඳහා පාපැදි භාවිතා කිරීම අරඹයි

පුවත්

විදෙස්

රට තුළ මේ වනවිට පවතින දුෂ්කරතා හමුවේ, තම ඩිලිවරි සේවාවන් සඳහා සම්බන්ධ වී සිටින පුද්ගලයන්ට අත්වැලක් වීමට තමන් සූදානම් බව Uber Eats පසුගියදා යළිත් වරක් තහවුරු කළේ ය. ඒ වෙනුවෙන් සහන වැඩසටහන් කිහිපයක්ම හඳුන්වා දීමට Uber Eats මේ වනවිට කටයුතු යොදා ඇත. මෙහි එක් පියවරක් වශයෙන් ආහාරපාන සහ එදිනෙදා භාණ්ඩ පාරිභෝගිකයන් වෙත ගෙනගොස් භාරදීම සඳහා පාපැදි යොදාගැනීමට Uber Eats පියවර ගෙන තිබේ.

“මේ අභියෝගාත්මක කාලසීමාව තුළදී අපගේ හවුල්කරුවන්ටත් ජනතාවටත් අවශ්‍ය සහය ලබාදීමට අප නිරන්තරයෙන් උත්සාහ කරනවා. අපගේ ඩිලිවරි සේවාවන් සඳහා පාපැදි භාවිතය ආරම්භ කිරීම මෙහි එක් පියවරක්. මෙමගින් විශාල පිරිසකට සහනයක් ලැබෙනු ඇතැයි කියා අප විශ්වාස කරනවා.” Uber Eats Sri Lanka සාමාන්‍යාධිකාරී භාව්නා දද්ලානි ජයවර්ධන මහත්මිය පැවසුවා ය.

 ඩිලිවරි සේවාවන් සඳහා පාපැදි භාවිතය ආරම්භ කිරීම

කොළඹ ප්‍රදේශය තුළ නියමු ව්‍යාපෘතියක් වශයෙන් පාපැදි භාවිතයෙන් ඩිලිවරි සේවාවන් ආරම්භ කිරීම පිළිබඳව ජනතාවගෙන් ඉතාමත් උණුසුම් ප්‍රතිචාරයක් ලැබිණි. මෙය සමාගමක් ශ්‍රී ලංකාව තුළ ඩිලිවරි සේවාවන් සඳහා පාපැදි යොදාගැනීම ආරම්භ කළ ප්‍රථම අවස්ථාව ලෙස සැලකේ. ඉදිරි සති කිහිපය තුළදී, තම සේවාවන් ක්‍රියාත්මක වන අනෙකුත් නගර වලද පාපැදි භාවිතයෙන් සේවාවන් ලබාදීම ආරම්භ කිරීමට Uber Eats බලාපොරොත්තු වෙයි. කුරියර් සේවා හවුල්කරුවන් මේ සඳහා පාපැදි සපයාගත යුතු වුවද, රටේ පවතින සාර්ව ආර්ථික තත්ත්වය හමුවේ දේශීය හවුල්කරුවන් සමග එක්වී ඔවුන්ට පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දීමටද Uber Eats සැලසුම් කර තිබේ.

Uber Eats සේවාවන් සඳහා පාපැදි භාවිතය ආරම්භ කිරීම මගින් සාමාන්‍ය යතුරුපැදි හෝ විදුලි යතුරුපැදි මිලදී ගැනීමට අපහසු ජනතාවට නව ආදායම් අවස්ථා උදාවනු ඇත. එමෙන්ම පාපැදි යනු වඩාත් පහසුවෙන් භාවිතා කළ හැකි ප්‍රවාහන මාධ්‍යයක්ද වෙයි. මෙය දීර්ඝකාලීනව තිරසාර ප්‍රවාහන විසඳුම් ප්‍රවර්ධනය කරන පියවරක් වනු ඇති අතර, Uber Eats සේවාවන් තවදුරටත් ශක්තිමත් කරමින් රටේ ආපනශාලා හිමිකරුවන්ටත් පාරිභෝගිකයන්ටත් වඩාත් පුළුල් හා විශ්වාසනීය සේවාවක් ලබාදීමටද එය මහෝපකාරී වනු ඇත.

රට තුළ ආහාරපාන මිලගණන් සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග, කුරියර් සේවා හවුල්කරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට අත්වැලක් වීම සඳහා සලාක කට්ටල පරිත්‍යාග කිරීමටද Uber Eats මේ වනවිට පියවර ගෙන තිබේ.

Uber Eats පිළිබඳව

Uber Eats යනු පාරිභෝගිකයන්ට කැමති ආපනශාලාවකින් කැමති ආහාරපාන වර්ග ක්ෂණිකව ඇණවුම් කිරීමේ අවස්ථාව සලසා දෙන සේවාවකි. එලෙස ඇණවුම් කරනු ලබන ආහාරපාන ඉතාමත් ඉක්මනින් එම පාරිභෝගිකයන් වෙත ගෙනැවිත් භාරදීම සිදුවේ. ලොව ප‍්‍රථම වරට මෙම සේවාව හඳුන්වා දෙන ලද්දේ මීට වසර තුනකට පමණ පෙර වන අතර එදා පටන් ලොව පුරා නගර 6,000 කට අධික සංඛ්‍යාවක පිහිටි ආපනශාලා Uber සතු තාක්ෂණික හා ප‍්‍රවාහන ශක්තිය භාවිතා කරමින් පාරිභෝගිකයන් වෙත සුවිශේෂී සේවාවක් තිළිණ කරමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!