spot_img
spot_imgspot_img

ඩලස්ගේ නායකත්වයෙන් නව දේශපාලන බලවේගයක්. පොහොට්ටුව පරවෙයි ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු අතරින් පිරිසක් ඉන් ඉවත්ව දැනට ස්වාධීනව සිටින මන්ත්‍රී කණ්ඩායමත් සමඟ එක්වී නව දේශපාලන පක්ෂයක් බිහිකිරීමට කටයුතු කරමින් සිටියි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙය ඩලස් අලහප්පෙරුම හිටපු අමාත්‍යවරයාගේ නායකත්වයෙන් බිහිවෙමින් තිබෙන බවයි.

“හැකියාවට සහ නිර්මාණශීලීත්වයට මුල්තැන දෙමු; දූෂණය, අන්තවාදය සහ පවුල්වාදය පිටු දකිමු” යන්න ඔවුන්ගේ තේමා පාඨය වී ඇත.

ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරු 14 දෙනකු ඊයේ (10) සවස රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දී මැතිවරණ කොමිෂමේ සාමාජිකයන් මුණ ගැසී ඇත.

එහි දී මැතිවරණ ක්‍රමයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව මෙන්ම ඉදිරියේ දී බිහිකරන නව දේශපාලන බලවේගකට අවශ්‍ය මූලික නීතිමය කාරණා නිරාකරණය කරගැනීම සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැනට ඉතිරිව ඇති මන්ත්‍රීන් 117 දෙනාගෙන් 49 දෙනකු ඩලස් අලහප්පෙරුම සමග නව දේශපාලන බලවේගයකට දැනටමත් කැමැත්ත පළකර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!