spot_img
spot_imgspot_img

“අගමැති වෙන්නත්, ජනාධිපති අපේක්ෂක වෙන්නත් මම සූදානම්” – පාඨලී

පුවත්

විදෙස්

පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂවල එකඟතාවයෙන් සර්ව පාක්ෂික රජයක් පිහිටුවන්නේ නම් එහි අගමැතිධූරය වුව ද බාරගෙන රට ගොඩගැනීමටත් මීළඟ ජනාධිපති අපේක්ෂකයා වීමට තමන් සූදානම් බවත් පාඨලී චම්පික රණවක පවසයි.

පසුගිය දා සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන වූ රණවක මන්ත්‍රීවරයා පවසන්නේ මීට පෙර ද සර්ව පාක්ෂික ආණ්ඩුවක ඕනෑම වගකීමක් බාර ගැනීමට තමන් සූදානම් බව සෘජුව ප්‍රකාශ කළ බවයි.

දැනට පවතින ජනමතය අනුව සමගි ජන බලවේගය සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසය පළුදු වී ඇතැයි ද අගමැති රනිල් වික්‍රමසිංහ සාර්ථක පිළියමක් මේ අර්බුදයට ලබාදෙනු ඇතැයි විශ්වාසයක් නැති බව ද හෙතෙම පවසයි.

එබැවින්, මෙවැනි අසීරු ආර්ථික සහ දේශපාලන අර්බුදයක් හමුවේ තමන් ඕනෑම කැපකිරීමක් කර වගකීම් බාර ගැනීමට සූදානම් බව ද පාඨලී චම්පික රණවක කියා සිටියේය.

ඔහු මේ බව පවසන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයට එක්වෙමිනි.

එම සාකච්ඡාව සම්පූර්ණයෙන් ම පහතින් දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!