spot_img
spot_imgspot_img

රජයේ නිලධාරීන්ට, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ගිනිකන්දක් ගැන කියයි

පුවත්

විදෙස්

“සියලු රජයේ නිලධාරින් වරප්‍රසාද ලබා ගැනීම වසර 10කින් කල් දැමිය යුතුයි. අපි ඉන්නේ ගිනිකන්දක් උඩ කියන දේ හැමෝම තේරුම්ගත යුතුයි” යැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සංවිධානය කළ වැඩමුළුවකට එක්වෙමිනි.

එහි දී ලේකම්වරයා මෙසේ ද කීවේය.

“යල කන්නයේ දැනටත් 55%ක් විතර තමයි කුඹුරු වගාවට යොමුවෙලා ඉන්නේ. අපි දැඩි ආහාර අර්බුදයකට මුහුණදෙමින් ඉන්නවා. මේ වෙලාවේ මඤ්ඤොක්කා දණ්ඩක්වත්, බතල දණ්ඩක්වත් ඉවත නොදා වගා කරන්න ඕනේ. හැම බිම් අඟලක්ම වගා කරන්න ඕනෑ. කොහේ හරි තැන බිමට යමක් එකතු කළොත් කෙටි කාලීන බෝගයක් හෝ වැව්වොත් අඩුම තරමේ එක ව්‍යාංජනයක් හරි හදාගෙන කන්න පුළුවන් වේවි. මේ තමයි අද අපි මුහුණ දී සිටින අර්බුදයේ සැබෑ තත්වය. මේ වෙලාවේ හැම පන්සලක්ම, පල්ලියක්ම, කෝවිලක් ම තමන්ගේ පුද පූජා උත්සව නවත්තලා වගා කරන්න ඕනේ. හැම ආයතනයක් ම වගා කරන්න ඕනේ. තමන්‍ගේ මතිමතාන්තර, පිස්සු ආකල්පවල ඉන්නේ නැතිව වගා කරන්න ඕනේ”

ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ විධායකයේ සිට ප්‍රාදේශීය සභාවේ නියෝජිතයා දක්වාත්, අමාත්‍යාංශ ලේකම්වරයාගේ සිට කාර්යාලයේ පහළම නිලධාරියා දක්වාත් වසර 10ක විතර කාලයක් වරප්‍රසාද පසෙකින් තියලා කටයුතු කිරීම අවශ්‍ය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!