spot_img
spot_imgspot_img

අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස්, මෙරට විශිෂ්ඨතම කළමනාකරණය ඇති සමාගම් 10 අතරට නම් කරයි.

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ පුරෝගාමී පරිපූර්ණ රක්ෂණ සේවා සමාගමක් වන අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම, මෙරට විශිෂ්ටතම කළමනාකරණ ක්‍රමවේදයන් භාවිතා කරන සමාගම් 10 අතරට නම් කර තිබේ. මෙම නම් කිරීම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකාර ආයතනය (Institute of Chartered Professional Managers of Sri Lanka – CPM) මගිනි. පසුගියදා එම ආයතනය විසින් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පවත්වන ලද ජාත්‍යන්තර කළමනාකරණ සම්මන්ත්‍රණයේදී මෙය නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදි. පශ්චාත්-COVID-19 ලෝකය තුළ විශිෂ්ටතම කළමනාකරණ ක්‍රමවේදයන් භාවිතා කරන සමාගම් හා ආයතන හඳුනාගෙන ඒවා ඇගයීමට ලක්කිරීම මෙම සම්මන්ත්‍රණයේ අරමුණ විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් අමානා තකාෆුල් ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂෙහාන් ෆයිසාල් මහතා  පැවසුවේ මෙවැනි ඇගයීමක් හිමිවීම සමාගම ලැබූ විශාල ගෞරවයක් බවයි. “කළමනාකරණයේ විශිෂ්ටත්වය යනු අප අනිවාර්යයෙන්ම ප්‍රමුඛත්වය ලබාදෙන අංගයක්. ඒ වෙනුවන් මෙවැනි ඇගයීමක් ලබාදීම පිළිබඳව අප CPM ආයතනයට ස්තූතිවන්ත වනවා. මේ සඳහා අපගේ ව්‍යාපාර ක්‍රියාවලි ප්‍රති-ඉංජිනේරුකරණය පිළිබඳව අප පරිපූර්ණ වාර්තාවක් සහ ඉදිරිපත් කිරීමක් සිදුකළා. 2021  වසර තුළ අපගේ ආදායම 33% ක් වැනි ඉහළ වර්ධනයක් අත්කරගෙන තිබෙනවා. මේ නිසා සම්මාන උළෙල කිහිපයකදීම අප ඇගයීමට ලක්වුණා. අපගේ ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීම සඳහා අප දක්වන උනන්දුව හා කැපවීම නැවත වරක් තහවුරු කිරීමටත්, අපගේ කළමනාකරණ විශිෂ්ටත්ව සම්ප්‍රදාය අඛණ්ඩව ඉදිරියට ගෙනයන බවට ප්‍රතිඥා දීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.” ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකාර ආයතනය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර කළමනාකරණ සම්මන්ත්‍රණයේ මූලික ඉලක්කය වන්නේ, විශිෂ්ට කළමනාකරණ ක්‍රමවේදයන් සහ එම ක්‍රමවේදයන් ක්‍රියාවට නංවන ආයතන හඳුනා ගැනීම සහ, එවැනි ක්‍රමවේදයන් සම්බන්ධ දැනුම හා අත්දැකීම් ක්ෂේත්‍රයේ අනෙකුත් සමාගම් හා ආයතන සමගද හුවමාරු කරගැනීමට අවස්ථාව සලසා දීම ය. ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකාර ආයතනයේ සාමාජික සාමාජිකාවන්ට අමතරව මෙරට හා විදේශයන්හි රාජ්‍ය හා පෞද්ගලික ආයතන, විශ්ව විද්‍යාල, කළමනාකරණ ආයතන සහ ව්‍යාපාර අධ්‍යයන ආයතන වල සාමාජික සාමාජිකාවෝ මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූහ.

පාරිභෝගික කේන්ද්‍රීයත්වය සහ ආචාරධාර්මික ක්‍රමවේදයන් මූලික කරගත් සුවිශේෂී රක්ෂණ ක්‍රමයක් වන තකාෆුල් රක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පුරෝගාමී වූයේ අමානා තකාෆුල් රක්ෂණ සමාගමයි. මේ වනවිට එම සමාගම අංග සම්පූර්ණ රක්ෂණ සමාගමක් බවට වර්ධනය වී තිබේ. 1999 වසරේදී පොදු සමාගමක් ලෙස සංස්ථාගත කරන ලද අමානා තකාෆුල් සමාගම, 2006 වසරේ සිට කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වී සිටී. මේ වනවිට දිවයිනේ සියලුම පළාත් ආවරණය කරමින් අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගමේ ශාඛා 35 කට වැඩි සංඛ්‍යාවක් පිහිටුවා ඇත. ISO 9001 සහතිකකරණය හිමි එම සමාගම, 2005 වසරේ මාලදිවයිනෙහිද ව්‍යාපාර කටයුතු ආරම්භ කළ අතර, පසුකාලීනව වෙනම සමාගමක් ලෙස සංස්ථාගත වී 2011 වසරේදී මාලදිවයිනේ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි විය. අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම සියලුම ආකාරයේ ජීවිත රක්ෂණ හා සාමාන්‍ය රක්ෂණ විසඳුම් මෙන්ම, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි විශේෂයෙන් සැලසුම් කළ සෞඛ්‍ය රක්ෂණ එකතුවක්ද පිරිනමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!