spot_img
spot_imgspot_img

රජයේ සේවකයන් කැඳවීම සීමා කිරිමේ චක්‍රලේඛය නිකුත් වෙයි

පුවත්

විදෙස්

ඉන්ධන අර්බුදය හේතුවෙන් පොදු හා පුද්ගලික ප්‍රවාහන සේවාවන්ට බාධා එල්ලවීම හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගේ පැමිණීම සීමා කිරීමේ උපදෙස් මාලාවක් අද (25) රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී‍.කේ.මායදුන්න විසින් නිකුත් කර තිබේ.

පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම් අවම කරගැනීම සඳහා රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීම යනුවෙන් සඳහන් කර ඇති එය රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 10/2022 ලෙස සියලු ම අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත නිකුත් කර තිබේ.

පසුගිය 23 වැනි දා අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අනුව පොදු මහජනතාවට ඉටුවිය යුතු කාර්යයන්ට බාධාවක් නොවන පරිදි රජයේ නිලධාරීන් සේවයට කැඳවීම සීමා කිරීමටත් අවශ්‍ය ූපදෙස් නැවත ලබාදෙන තුරු සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය අවම නිලධාරීන් පමණක් හෙට (26) සිට සේවයට කැඳවීමේ වැඩපිළිවෙලක් ආයතන ප්‍රධානීන් විසින් සැකසිය යුතු බව එම චක්‍රලේඛයේ සඳහන් කර ඇත.

රාජ්‍ය වියදම් කළමනාකරණය කරගැනීම සඳහා විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සම්බන්ධයේන නිකුත් කළ 2022.03.08 දිනැති රාජ්‍ය පරිරජපාලන චක්‍රලේඛ 04/2022 කෙරෙහි ද අවධානය යොමුකරන ලෙස දැනුම් දී තිබේ.

එමෙන් ම රජයේ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට මෙයින් බාධාවක් නොවිය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!