spot_img
spot_imgspot_img

“අම්මයි මායි තනිකරලා ඔයා යන්න ගියා” – ඝාතනයට ලක්වූ මන්ත්‍රීගේ පුතා තැබූ සටහන

පුවත්

විදෙස්

තාත්ත නැති වෙලා අදට සති දෙකක්.

අම්මයි මායි තනිකරලා එයා යන්නම යන්න ගියා.

සෑහෙන්න අමාරුවෙන් හිත හදාගෙන මේක ලියන්න හිතුවේ කරුණු කිහියක් නිවැරදි කරන්න ඕන නිසාමයි. වෙලාවක් තියෙනවනම් විනාඩි දෙක තුනක් අරන් කියවන්න කියලා ආරාධනා කරනවා.

එදා ‍නිට්ටඹුවේ දී අමුනුෂ්‍යයන් අතින් ඒ දේ වුණත් පොළොන්නරුවේ දී තාත්තට ආසාවට මනුස්සයෙක් හූවක් කියලා නෑ. ‍

මේ දේ වෙන්න ඒකත් බලපාන්න ඇති.

තාත්තගේ අවංක කම හින්දම පොළොන්නරුවේ මිනිස්සු වගේම අනිත් පැතිවලත් මිනිස්සු එයාට ඒ විදියටම සළකයි කියල හිතන්න ඇති.

කමක් නෑ.

නිට්ටඹුවේ අරගලකරුවන්ගේ සතුට ඒකනම් මායි අම්මයි හිත හදාගන්නම්.

පොළොන්නරුවේ මිනිස්සුන්ට නම් මගේ තාත්තා ැන අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෑ.

එහෙම නොදන්න අය දැන් මන් මොනවා කොහොම කිව්වත් විශ්වාස කරන්නේ නෑ,

ඒත් මේවා කියන්න ඕනෑ.

හොරකම් කරපු, මංකොල්ල කාපු, කුඩු විකුණපු, නිදන් හාරපු මන්ත්‍රී කෙනෙක් නෙමේ.

එයා දේශපාලනයට ආවේ 2008 පළාත් සභා මැතිවරණයෙන්.

අපි දැන් ඉන්න ගෙදර හදල ඉවර කළේ 2001/2002 වගේ කාලයේ දී

ඒක සම්පූර්ණයෙන් ම තාත්තගේ මහන්සියෙන් හදපු ගෙදරක්.

තාත්තා පාවිච්චි කරපු වාහනයත් ඒ වගේමයි.

තාත්තා දිස්ත්‍රික්කයේ හැම මළ ගෙදරකටම ගියපු, පුළුවන් හැම වෙලාවෙම කාටම හරි උදව්වක් ම කරන්න උත්සාහ කරපු අහිංසක මනුස්සයෙක්.

හොඳ මිනිස්සු ඉක්මනට යනව කියනවනේ.

ඒක හින්ද මොකක්ම හරි වැරදි වෙලාවක් හින්දා එයාට නිට්ටඹුවේ දී අමුනුෂ්‍යයන් අතින් ඒ දේ වෙන්න ඇති

පුන්චි ඉල්ලීමක් තියෙනව.

කරුණාකරල තාත්තගෙ ආරක්ශක නිලදාරිය ( MSD ) ගුණවර්දන මහත්තයට වචනෙකින්වත් දොස් කියන්න එපා.

එයා තාත්තට පුදුම ආදරයක් තිබ්බෙ.

තාත්තට ගහද්දි ඒවට පැන පැන තාත්තව ආරක්ශා කරන්න පුදුම උත්සහයක් ඒ මනුස්සය දැරුවෙ.

එකපාරටම වෙඩි තිබ්බෙ නැති බව දැන් ලංකාවම දන්නව.

අනිත් පැත්තෙන් මැරුන කෙනා පොල්ලක් අරන් තාත්තගෙ බෙල්ල හරියට ගහන්න එද්දි තමා එයා වෙඩි තියල තියෙන්නෙ.

ගුණවර්ධන රාලහමිත් මැරයෙක් නෙමේ.

තාත්ත වගේම අහිංසක පුදුම ලස්සන හිතක් තිබ්බ මනුස්සයෙක්.

එයාටත් මේ පාර උසස් පෙළ කරන දුවෙකුයි තව පුතෙකුයි ඉන්නව.

එයාල ගැන හිතලවත් එයාට ඕනෙ වෙලාවක පැනල දුවන්න තිබ්බ.

ඒත් එහෙම කලෙ නෑ

ඒ රත්තරන් මනුස්සය.

ඒක හින්ද එයාටත් ජීවිතෙන් වන්දි ගෙවන්න උනා.

ගතිගුන අතින් ගත්තොත් තනිකරම තාත්තගෙ කපාපු පලුව.

මතක්වෙද්දිත් පපුව පිච්චිල යනව.

දෙන්නම කලින් ආත්මෙක එකට ම කරපු පවක් දෙන්නම එකට ඉවරයක් කරල දැම්ම කියල හිතහදාගන්නම්.

වෙන මොනව කියල කරන්නද.

දුක බෙදාගන්න හෝ වේවා අම්මට කතාකරන අය කරුණාකරල මේ සිද්දිය වෙච්ච හැටි ගැන අම්මට මතක් කරන්න යන්න එපා .

පුදුම අමාරුවෙන් හිත හදාගත්ත මගේ අම්මට කරුණාකරල තවත් රිද්දන්නනම් එපා.

අපි ඉන්න ගෙදරට ගිනිතිබ්බ කියලා ප්‍රචාරය වෙන කතාවත්, අම්ම සියදිවි හානිකරගත්ත කතාවත් සම්පූර්නෙන්ම බොරු කියලා කියන්න අවශ්‍යයි.

තවත් මේකෙ බලන්න ඕනෙ පැතිකඩ ගොඩක් තියෙනව.

ඒව ගැනත් ඉස්සරහදි එලිවේවි.

සිද්දිය වෙච්ච දවසෙ ඉදන් අද වෙනකන්ම හැමදේම හොයල බලපු ඩලස් අලහප්පෙරුම මැතිතුමාටත් , සිරිපාල ගම්ලත් (නිපුන) මැතිතුමාටත් බොහොම ස්තූතී.

තවද අතිශයින්ම උපකාර කල අක්කර පන්සීය විහාරයේ ප්‍රේමරතන හාමුදුරුවන්ටත්,

ගල්ලෑල්ල නෙලුම්විල පන්සලේ නායක හාමුදුරුවන්ටත් බොහොම ස්තූතී.

තාත්ත අවුරුදු 14 දේශපාලනේ කරල හම්බකරපුවගෙ ෆොටෝ කීපයක් පහළින් දාන්නම්.

තාත්තේ

ඔබට නිවන් සුව.

මම පුතා

රනිදු අතුකෝරළ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!