spot_img
spot_imgspot_img

මන්කිෆොක්ස් රෝගීන්ගේ සමීපතමයින් දින 21ක් හුදකලා කරයි

පුවත්

විදෙස්

මන්කිෆොක්ස් රෝගියෙකුගේ සමීපතමයින් දින 21ක් හුදකලා විය යුතු බව එක්සත් රාජධානියේ නිකුත් කර ඇති නවතම මාර්ගෝපදේශ වල දැක්වෙයි. එරට සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය මගින් ලබාදී ඇති මෙම උපදෙස් අනුව තහවුරු වූ රෝගියෙක් සමඟ සෘජු හෝ ගෘහස්ථ සම්බන්ධතා ඇති ඕනෑම කෙනෙකුට මෙම උපදෙස් අදාල වේ.

සම්බන්ධතා සොයාගැනීම සඳහා ඔවුන්ගේ විස්තර සැපයීමට, සංචාරය කිරීම අත්හැරීමට සහ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින්, ගර්භනී කාන්තාවන් සහ වයස අවුරුදු 12 ට අඩු ළමුන් සමඟ සම්බන්ධතා පැවැත්වීමෙන් වළකින්න ලෙසට රෝගීන්ගේ සමීපතමයන්ට උපදෙස් දී තිබේ.

එක්සත් රාජධානිය මේ වන විට මන්කිෆොක්ස් රෝගීන් 20 ක් තහවුරු කර ඇත.

යුරෝපය, එක්සත් ජනපදය, කැනඩාව, ඊශ්‍රායලය සහ ඕස්ට්‍රේලියාව පුරා රෝගීන් 80 කට වඩා මේවනවිට හඳුනාගෙන ඇත.

මන්කිෆොක්ස් යනු මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ දුරස්ථ ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන දුර්ලභ වෛරස් ආසාදනයකි. මෙම රෝගය මුලින්ම වඳුරන් තුළ දක්නට ලැබිණ. මිනිසුන් අතර පහසුවෙන් පැතිර නොයන නමුත් ලිංගික සංසර්ගය ඇතුළු සමීප ශාරීරික සම්බන්ධතා හරහා සම්ප්‍රේෂණය විය හැකිය.

අධික උණ, හිසේ වේදනාව සහ පසුව බිබිලි බවට හැරෙන ලප ඇතුළු රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් මෘදු වන අතර බොහෝ දෙනෙකුට රෝගය ආසාදනය වීමෙන් සති දෙකත් හතරක් ඇතුළත දක්නට ලැබේ.

පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) භාවිතයෙන් තොරව ආසාදිත පුද්ගලයෙකු සමඟ ගෘහස්ථ හෝ ලිංගික සම්බන්ධතා පැවැත්වූයේ නම් හෝ ආසාදිත පුද්ගලයෙකුගේ ඇඳ ඇතිරිලි භාවිතා කර ඇත්නම්, පුද්ගලයෙකු ආසාදනයට ගොදුරු වීමේ ඉහළ අවදානමක් ලෙස සලකනු ලැබේ.

දෙසැම්බරයේ සිට බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ, විශේෂයෙන් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මෙම වෛරසය හේතුවෙන් මරණ කිහිපයක් සිදුවී ඇත.

https://www.bbc.com/news/uk-61546480

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!