spot_img
spot_imgspot_img

අරගලයට පහර දුන් මැරයෝ නිදැල්ලේ, මන්ත්‍රී නිවෙස්වලට හානිකළ අය අත්අඩංගුවේ

පුවත්

විදෙස්

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද උද්වේගකාරී කතාවක් සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් කරන ලද පෙළඹවීමකින් පසු ගෝඨාගෝ ගමට සහ මයිනාගෝ ගමට එල්ලකරන ලද මාරාන්තික ප්‍රහාරවලින් කුපිත වූ ජනතාව රට පුරා ඇතිකළ කළහකාරී තත්වයට වගකිව යුතු පුද්ගලයන් 80කට වැඩි පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නමුත්, මේ දක්වාම අරගලයට පහරදුන් මැරයන් හෝ එම ප්‍රහාරය මෙහෙයවූ බවට ජනතාව විසින් චෝදනා එල්ලකරන දේශපාලකයන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත. සාමකාමී උද්ඝෝෂණයට මාරාන්තික ප්‍රහාර එල්ලකළ පිරිස අතර සිටි අමාත්‍යාංශ ලේකම්වරයෙක් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිළිබඳ දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙද්දී ශ්‍රී ලංකා පොලිසිය ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

ශ්‍රී ලංකා ‍පොලිසියේ මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසන්නේ රටේ විවිධ ප්‍රදේශවලින් 80කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් සියලු දෙනාම මැති ඇමතිවරුන්ගේ දේපළවලට හානි කිරීම සහ පොදු දේපළ විනාශ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇත. පොලිසියේ දත්ත වාර්තාවන් අනුව මැති ඇමතිරවරුන්ගේ නිවාස 55ක්කට පමණ හානි සිදුව ඇත. එමෙන් ම දිවයින පුරා රථ වාහන 200කට වැඩි සංඛ්‍යාවක් ගිනි තබා විනාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!