spot_img
spot_imgspot_img

අතුරුදන් වූ ඥානක්කා යළි ඇවිත්. දේශපාලකයෝ හොර රහසේ ගෙට රිංගති

පුවත්

විදෙස්

අතුරුදන්ව සිටි ඥානක්කා නමැති සාස්තරකාරිය නැවත දේවාලයක් යැයි කියාගන්නා තම පරිශ්‍රයේ කටයුතු ආරම්භ කර තිබේ.

අනුරාධපුර රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවිකාවක වූ ඇයගේ සැමියා මියයාමෙන් පසු තමන්ට දේව වරමක් ලැබී ඇතැයි පවසමින් විවිධ ගුප්ත කටයුතුවල නිරත වූ අතර මනෝ වෛද්‍ය විශේෂඥවරු පවසන්නේ සැමියා මියගිය ඇය “පරලවීම” නමැති මානසික රෝගයෙන් පෙළෙන බවයි.

පරලවීම යන රෝගයෙන් පෙළෙන අයකු තමන්ට දේව වරම් ඇති බවත් ආරූඪ ලැබෙන බවත් පවසමින් මෙරට සංස්කෘතිය තුළ මුල්බැසගත් මිත්‍යා විශ්වාසයන් අනුව කටයුතු කරන බවත් එවැනි දේ ගැන කිසිම විචක්ෂණ බුද්ධියක් නොමැති පුද්ගලයන් ඒ පසුපස ගොස් මානසික ව්‍යාධියෙන් පෙළෙන පුද්ලයන් කියන දේ විශ්වාස කරමින් ඒ අනුව කටයුතු කරන බවත් මානසික වෛද්‍යමතයයි.

ඥානක්කා නමින් හඳුන්වන මෙම කාන්තාව සොයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු දේශපාලනඥයන් රැසක් ද හමුදා ප්‍රධානීන් සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද යති. ඔවුන් එහි ගොස් තමන්ගේ ගැටලු පමණක් නොව රාජ්‍ය රහස් පවා මෙම කාන්තාවට පවසන අතර ඇය ඒ තුළින් සමාජය තුළ අසාමාන්‍ය සිවිල් බලයක් ගොඩනගාගෙන සිටියි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඥානක්කාගේ දේවාලය වැටලූ අතර ඉන් පසු අවස්ථා කිහිපයක දී ම අරගලකරුවන් විසින් මෙම දේවාලය වැටලීම හේතුවෙන් එයට පොලිස් ආරක්ෂාව ද යොදා තිබිණි.

නමුත් පසුගිය දිනවල ඇය ආගිය අතක් සොයාගන්නට ලැබුණේ නැත.

බොහෝ දෙනකු පවසන්නේ මිත්‍යා විශ්වාස කරපින්නාගෙන සිටින මෙරට පාලකයන් විසින් ඥානක්කා කොළඹට ගෙන්වාගෙන ගෝටාගෝ ගම අරගල භූමියේ සිටින පිරිස්වලට මතුරන ලද වතුර බෝතල් දහස් ගණනක් බෙදා හරින ලද බවයි. එමෙන් ම ඉන්දියාවෙන් පවා මල් වර්ග ගෙන්වාගෙන පූජාවන් කිහිපයක් ද පැවැත්වූ බව පැවසෙති.

නවීන තාක්ෂණය සහ විද්‍යාව විශ්වාසකරන තරුණ පරපුරක් අරගල භූමියේ සිටින අතර මානසික ප්‍රතිකාර ලැබිය යුතු පරලවීමේ රෝගයෙන් පෙළෙන කාන්තාවන්ගේ  මිත්‍යාවිශ්වාසයන්ට එවැනි පිරිසක් නතුකරගත හැකි  ද යන්න ඉදිරියේ දී බලාගත හැකිවනු ඇතැයි අරගලකරුවෝ ම කියති.

කෙසේ වෙතත් මෙරට පාලකයෝ මෙවැනි මිත්‍යා විශ්වාසයන් පසුපස යාම පිළිබඳ මේ වනවිට ශ්‍රී ලාංකීය සමාජය තුළ දැඩි කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්ව තිබේ.

ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ මෙම කාන්තාව අතුරුදන්ව සිටි කාලයේ දී අනුරාධපුරය නගරය ආසන්නයේ හමුදා කඳවුරක පිහිටි සුඛෝපභෝගී නිල නිවසක රැකවරණ යටතේ සිටි බවයි.

පසුගිය මැයි 03 වැනි දා ඇය නැවත තම නිවසට පැමිණ තිබේ. මේ වනවිට යළි ඇගේ නිවසට මෙරට ඉහළ මට්ටමේ දේශපාලකයන් පැමිණෙමින් සිටින බවත් ඔවුන් පැමිණෙන්නේ කුඩා මෝටර් රථවල නැගී කාටත් සැක නොසිතෙන ආකාරයෙන් රාත්‍රී කාලයේ බවත් අවට පදිංචිකරුවෝ කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!