spot_img
spot_imgspot_img

බුදුන්ගේ ලංකා ගමන ගැන NASA විද්‍යාඥයකු කරන හෙළිදරව්වක්

පුවත්

විදෙස්

බුදු රජාණන් වහන්සේගේ ලංකා ගමන පිළිබඳ ඓතිහාසික ග්‍රන්ථයන්හි සඳහන් කරුණු  අධ්‍යයනය කළ නාසා ආයතනයේ විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංග පවසන්නේ සූර්ය ග්‍රහණයක් හා චන්ද්‍ර ග්‍රහණයක් සිදුවූ දින දෙකක් පිළිබඳ වැරදි අර්ථකථනයක් දෙමින් බුදුන් ලංකාවට වැඩම කරන්නට ඇතැයි ජන විශ්වාසයක් ගොඩනැගී තිබෙන බවයි.

ඔහු මේ බව කියා සිටිියේ Mee Masoo TV නමැති YouTube නාලිකාවේ මාධ්‍යවේදී කල්ප ගුණරත්න සමඟ සංවාදයට එක්වෙමිනි. එම සම්පූර්ණ වීඩියෝව පහතින් දක්වා ඇත.

වසර 3,000ක පමණ සිට ලෝකයේ සිදුවූ චන්ද්‍ර ග්‍රහණ සහ සූර්ය ග්‍රහණ පිළිබඳ නාසා ආයතය සතුව ඇති දත්ත විශ්ලේෂණයෙන් දී බුදුන් නාගදීපයේ චූලෝදර මහෝදර නා රජුන්ගේ ආරවුල සමථයකට පත්කරන්නට වැඩියා යැයි කියන කාලයට සමාන දිනයක දී ඉතාමත් දුර්ලභ සූර්යග්‍රහණයක් සිදුව ඇති බවත් එය නාගදීපය ප්‍රදේශයට හොඳින් දර්ශනය වී ඇති බවත් ආචාර්ය රත්නතුංග පවසයි.

මෙලෙස ලෝකය අඳුරුකිරීමට සත්වූ එකම පුද්ගලයා බුදුන් වහන්සේ යැයි විශ්වාස කළ අතීත ජනතාව එදින බුදුන් මෙරටට වඩින්නට ඇතැයි විශ්වාස කරන බවත් බුදුන්ගේ දෙවැනි ලංකාගමනය සිදුවූ කාලයේ දී පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් ශ්‍රී ලංකාවට දිස්ව ඇති බව ද පවසයි. මේ චන්ද්‍ර ග්‍රහණයට හේතුව ද බුදුන් මෙරටට වැඩම කිරීම වන්නට ඇතැයි සිතීම එකල ජනතාවගේ විශ්වාසයක් යැයි හෙතෙම පවසයි.

එමෙන් ම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුද්ධාගමට ප්‍රමුඛතාවය ලබාදීම වැරදි බව නාසා ආයතනයේ  තාරකා විද්‍යාඥයෙකු ලෙස කටයුතු කළ  ශ්‍රී  ලාංකිකයෙකු වන ආචාර්ය කාවන් රත්නතුංග මහතාගේ අදහසයි.

විදෙස් රටකදී තමන් බුද්ධ දර්ශනය අනුගමනය කරන්නෙකු ලෙස හඳුන්වා දීමට කිසි විටෙකත්  පසුබට නොවන බව පෙන්වා දෙන  ආචාර්ය කාවන් රත්නතුංග මහතා ශ්‍රී ලංකාවේ පවතින විකෘතිය තුළ  ශ්‍රී ලංකාව තුළ දී තමන් නිරාගමිකයෙකු ලෙස  හැඳින්වීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ ඇතැම් විද්‍යාත්මක කරුණු  ජනතාවට  අනාවරණය කිරීමේ දී සිංහල බසින් සන්නිවේදනයේ යෙදෙන ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය ආයතන පවා ඊට මැලිකමක් දක්වන බවයි.

එයට හේතුව සංස්කෘතිය තුළ මුල් බැසගත් සහ ඇතැම් පුද්ගලයින් සමාජ ගත කළ අවිද්‍යාත්මක කරුණු දැඩිව වැළඳ ගත් ජනතාවට විද්‍යාත්මක කරුණු හෙළි කිරීමට යාමේදී ඇතිවන ජනතා ප්‍රතිවිරෝධයට ඔවුන් දක්වන භීතිය බවද ඔහු සඳහන් කළේය.

ආචාර්ය කාවන් රත්නතුංග මහතා ඇමරිකාව , ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක අධ්‍යාපනය හදාරා ඇති භෞතික විද්‍යාව සහ තාරකා විද්‍යාව පිළිබඳ ප්‍රමාණික විද්වතෙකු  වන අතර නාසා ආයතනයේ හබල් දුරේක්ෂයට අදාළ විශ්ව ගවේෂණයේ යෙදී සිටි තාරකා විද්‍යාඥයින්ගේ කණ්ඩායමේ සාමාජිකයෙකු ද වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!