spot_img
spot_img

උභතෝකෝටියක් වූ, ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විරෝධී පනත

පුවත්

විදෙස්

නීතිඥ ජගත් ලියනාරච්චි සහ ලක්නා පරණමාන්න විසිනි

ජාත්‍යන්තර ප්‍රජාව සතුටු කිරීමේ උත්සාහයක් ලෙස, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් පසුගිය සතියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට (PTA) සංශෝධන සභාගත කළා. එය ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම (ICJ) ඇතුළු බහුවිධ ජාත්‍යන්තර සංවිධාන විසින් ‘ඛේදනීය ලෙස ප්‍රමාණවත් නොවන’ පියවරක් ලෙස ප්‍රතික්ෂේප කරන ලද්දක්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇත්තේ ඇයි?

http://www.adaderana.lk/news/80500/amendments-to-terrorism-prevention-act-tabled-in-parliament

1979 දී සම්මත කරන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අංක 48 මගින් දෙමළ ඊළාම් විමුක්ති කොටි සහ අනෙකුත් සමාන සංවිධාන තහනම් කිරීමේ නීතිය (1978 අංක 16) ප්‍රතිස්ථාපනය කර තිබුණා. එතැන් සිට එය ගෝලීය මානව හිමිකම් ප්‍රමිතීන් පමණක් නොව ශ්‍රී ලංකාවේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් ද උල්ලංඝනය කරන නීති සම්පාදනයක් ලෙස ගෝලීය වශයෙන් හෙළා දැකීමට ලක්ව තිබෙනවා.

ජනවාරි 21 දින සභාගත කරන ලද ප්‍රතිසංස්කරණ ප්‍රගතිශීලී බව පෙනෙවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයෙකු රඳවා තබා ගැනීමේ කාලය මාස 18 සිට 12 දක්වා අඩු කිරීම සහ රඳවා සිටින පුද්ගලයන්ට ඥාතීන් සම්බන්ධ කර ගැනීමට මේන ම නීතිඥවරයෙකුගේ උපදෙස් ලබා ගැනීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට යෝජිත සංශෝධන ඉදිරිපත් කර තිබෙනවා. වැදගත්ම දෙය නම්, යෝජිත වෙනස්කම් මගින් ආරක්ෂක අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද රැඳවුම් නියෝගයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් හෝ රිට් අයදුම්පතක් හරහා අධිකරණයක් ඉදිරියේ අභියෝගයට ලක් කිරීමට ද ඉඩ සළසා තිබීමයි.

කෙසේ වෙතත්, මෙම සංශෝධන – ඒවා පෙනෙන තරම් ප්‍රගතිශීලී ලෙස – හුදෙක් මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නොව, එහි ප්‍රකාශිත පරමාර්ථය – ශ්‍රී ලංකා භූමියේ ත්‍රස්තවාදය වැළැක්වීම සම්බන්ධයෙන් අපේක්ෂා කරන වෙනස්කම් සපුරාලීමට ප්‍රමාණවත්ද යන්න ප්‍රශ්නයක්.

අවලංගු කරන්නද නැත්නම් සංශෝධනය කරන්නද ?

පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වෙනස්කම් වසර 40 කට වැඩි විරාමයකින් පසුව ඉදිරිපත්ව තිබෙනවා. මුල් නීති සම්පාදනය සළකා බැලුවේ ප්‍රධාන වශයෙන් එල්ටීටීඊය වටා කැරකුණු එවකට පැවති ආරක්ෂක අභියෝග විසඳීම පමණයි. අද, තර්ජනයේ ස්වභාවය, එහි මූලාශ්‍රය සහ ක්‍රියාන්විතය යන සියල්ල විකාශනය වී ඇති අතර, ඒවාට එරෙහිව සටන් කිරීමේ ක්‍රම සහ විධි, ඉතා අවශ්‍ය වෙනස්කම් ද ඉල්ලා සිටිනවා.

එය හඳුන්වා දීමෙන් පසුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපැහැදිලි පාරිභාෂිතය සහ භාෂාව සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් විසින් විවේචනයට ලක් කළා. අනෙකුත් විවේචන අතර එහි අන්තර්ගතය මූලික මානව හිමිකම් උල්ලංඝනය වන අතර විශේෂයෙන්ම සුළු ජාතීන්ට නීති විරෝධී සහ අසාධාරණ ලෙස නඩු පැවරීමේ අවදානමක් තිබෙනවා.

එහෙත් ත්‍රස්තවාදී තර්ජනවලට එරෙහිව සටන් කිරීම සඳහා කුරිරු නීති සම්මත කළේ ශ්‍රී ලංකාව පමණක් නෙවෙයි. 9/11 ප්‍රහාර සහ 2004 දී මැඩ්රිඩ් ප්‍රහාර සහ 2005 දී ලන්ඩන් ප්‍රහාර ඇතුළු ගෝලීය ත්‍රස්තවාදයේ අනෙකුත් සිදුවීම්, ත්‍රස්ත තර්ජන විමර්ශනය කිරීමට සහ ප්‍රති- ත්‍රස්තවාදයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය සහ විෂය පථය ඉහළ නැංවීම සඳහා හඳුන්වා දුන් නීති මගින් ලොව පුරා බහුවිධ නිදහස යටපත් කිරීමට හේතු වූ බව කිව හැකියි. ඇමරිකාවේ දේශප්‍රේමී පනතේ සිට එක්සත් රාජධානියේ ත්‍රස්ත-විරෝධී සහ දේශසීමා ආරක්ෂක පනත දක්වා සහ මෑතකාලීන පිලිපීනයේ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ප්‍රතිඵලයක් ලෙස භාෂණයේ නිදහස, අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සහ අත්අඩංගුවට ගැනීම් පාලනය කිරීම සහ සෙවීම් සහ නිරීක්ෂණ මෙහෙයුම් සඳහා අසීමිත බලතල ලබා දී තිබෙනවා. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට එරෙහිව සටන් කිරීමට ඉක්මන් මැදිහත්වීම්වලට පහසුකම් සැලසීම සඳහා ‘අවශ්‍ය නපුරක්’ ලෙස සැලකූ බැවින්, ඒවා තවමත් සැලකිය යුතු මහජන සහයෝගයක් ලබාගෙන ඇති බැවින්, ප්‍රහාරවල බිහිසුණු ස්වභාවය ද සැලකිල්ලට ගෙන ත්‍රස්ත-විරෝධී නීති සම්පාදනය වුණා.

කෙසේ වෙතත්, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා නීති සම්පාදනය කරන ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයේ අනෙකුත් ප්‍රමුඛ රටවල් ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීතිවලට යටත්ව පුළුල් සන්දර්භයක් තුළ එවැනි නීති සම්පාදනය කිරීමට කටයුතු කළා. 2003 එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඒකමතිකව සම්මත කරන ලද අංක 1456 දරණ යෝජනාව මෙයට නිදසුනක්. එහි සඳහන් වන්නේ, “… ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයක් ජාත්‍යන්තර නීතිය යටතේ ඔවුන්ගේ සියලු බැඳීම්වලට අනුකූල වන බවට රාජ්‍යයන් සහතික විය යුතු බවයි. ජාත්‍යන්තර නීතියට අනුකූලව එවැනි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි, විශේෂයෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම්, සරණාගත සහ මානුෂීය නීතිය” මේ අතර ප්‍රධාන වෙනවා.

ශ්‍රී ලංකාව මෙන්ම අනෙකුත් එක්සත් ජාතීන්ගේ සාමාජිකයින් විසින් ත්‍රස්ත විරෝධී පෙරමුණ සම්බන්ධයෙන් ජාත්‍යන්තරව කරන ලද අනෙකුත් කැපවීම් අතර, ත්‍රස්තවාදයට එරෙහි සටනේ මූලික පදනම ලෙස මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම යලි තහවුරු කරන ලද එක්සත් ජාතීන්ගේ ගෝලීය ත්‍රස්ත මර්දන උපාය මාර්ගයක් 2006 දී සම්මත කර ගැනීම ද සිදවුණා. සෑම රාජ්‍යයක්ම ඵලදායී ත්‍රස්ත විරෝධී ක්‍රියාමාර්ග සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම අනුපූරක වන අතර එකිනෙකා ශක්තිමත් කරමින් පරස්පර විරෝධී ඉලක්ක නොවන බව පිළිගෙන ඇති අතර එතැන් සිට යෝජනාව ද්විවාර්ෂිකව නැවත තහවුරු කළා.

බහුවිධ දේශීය හා ගෝලීය නියෝජිතායතන වසර ගණනාවක් තිස්සේ ප්‍රතිසංස්කරණ සඳහා ඉල්ලීම් කළ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන් ඉවත් කරන ලෙස ද ඉල්ලා තිබෙනවා. ස්වෙද්ශීය යාන්ත්‍රණය ඒවා අතර තිබුණා – උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කරන ලද අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් නිරීක්ෂණය කිරීම සහ විමර්ශනය කිරීම සඳහා උපදේශක කමිටුවක් පත් කිරීම මෙන්ම 2021 යුරෝපා සංගම් පාර්ලිමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමේ යෝජනාව ද නිර්දේශ කළා.

https://www.un.org/en/ga/search/view_doc.asp?symbol=A/RES/60/288

https://www.europarl.europa.eu/doceo/document/B-9-2021-0357_EN.html

ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටළු විසඳීමේ අවශ්‍යතාව

ප‍්‍රතිසංස්කරණ ප‍්‍රගතිශීලී බවක් පෙනෙන්නට තිබුණද, එම සංශෝධන මගින් දැනට පවතින තර්ජන ගැන ගණන් බලා නැති බව පැහැදිලියි. බොහෝ දුරට ස්වදේශීය ත්‍රස්තවාදී සංවිධානයකට ප්‍රතිවිරුද්ධව, ශ්‍රී ලංකාව ලොව පුරා අනෙකුත් විවිධ ජාතීන් මෙන්, දැන් ලොව පුරා විහිදෙමින් යන ශාඛා සහිත ප්‍රචණ්ඩ අන්තවාදයේ අර්බුදයට එරෙහිව සටන් කරමින් සිටිනවා. ඔවුන් සමානකම් දරන නමුත්, ප්‍රචණ්ඩ අන්තවාදයේ සහ ත්‍රස්තවාදයේ නියමුවන් වෙනස් වන අතර එබැවින් ඒවාට එරෙහිව සටන් කිරීමේ ක්‍රම විවිධ ප්‍රවේශයන් ඇතුළත් වනවා. ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව ඵලදායි ප්‍රතිචාර දැක්වීම සඳහා ප්‍රති-ත්‍රස්තවාදය සහ අනෙකුත් නීතිමය රාමු අතර යෝග්‍ය අන්තර් ක්‍රියාකාරිත්වයේ වැදගත්කම ආරක්ෂක විශ්ලේෂකයින් ඇත්ත වශයෙන්ම අවධාරණය කර තිබෙනවා.

එපමණක් නොව, ප්‍රචණ්ඩ අන්තවාදයට ප්‍රතික්‍රියාශීලී ක්‍රියාමාර්ග පමණක් ඉලක්ක කරගත් නීතිමය රාමු හරහා සටන් කළ නොහැකියි. ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව කටයුතු කිරීම අරමුණු කරගත් ව්‍යවස්ථාදායක පියවරකට බහුවිධ අංශ ආමන්ත්‍රණය කරන පුළුල් පරාසයක් තිබිය යුතුයි. විශේෂයෙන්ම පුනරුත්ථාපන සාධකය මෙන්ම සතුරා භෞතික මෙන් ම දෘෂ්ඨිවාදී ද බැවින් ප්‍රජාවන් තුළ ඇති සමාජ, සංස්කෘතික සහ වාර්ගික දුක්ගැනවිලි විසඳීම අත්‍යාවශ්‍යයි. එබැවින්, දැනට යෝජනා කර ඇති සීමිත සංශෝධන, ගෝලීය සංසදයේ හතෙරන් එකක් පමණ තෘප්තිමත් කළ හැකි නමුත්, අවාසනාවකට ශ්‍රී ලංකාවට එහි ජාතික ආරක්‍ෂාව පිළිබඳ ගැටලු විසඳීමට ප්‍රමාණවත් හෝ උපකාරයක් වන්න් නැහැ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම සහ බහුකාර්ය ව්‍යවස්ථාදායක ප්‍රවේශයක් සමඟ ව්‍යවස්ථාව ප්‍රතිස්ථාපනය කිරීම අත්‍යවශ්‍ය වන්නේ එබැවිනුයි. මතවාදී පෙරමුණු මත ප්‍රචණ්ඩ අන්තවාදයේ උවදුරට එරෙහිව සටන් කිරීමේ මාර්ග කෙරෙහි ප්‍රවේශමෙන් අවධානය යොමු කර ඇති ප්‍රති ත්‍රස්තවාදය පිළිබඳ නව ප්‍රවේශයක් යෝජිත සංශෝධන ගෙන එන තාවකාලික වාසිවලට වඩා බෙහෙවින් වැඩි යි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් සංශෝධනය කරන්නේ මන්දැයි ව්‍යාකූලත්වයක් ඇති කරමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි,  නව ත්‍රස්ත විරෝධී නීතියක් හඳුන්වා දීමට උත්සාහ කරමින් සිටින පසුගිය සතියේ පාර්ලිමේන්තුවට දන්වා සිටියා.

කෙසේ වෙතත්, මූලික නිදහස පිළිබඳ නවීන ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි ශ්‍රී ලංකාවට සිය නීති සංශෝධන කරන ලෙස ගෝලීය වශයෙන් බහු පාර්ශ්ව විසින් පනවන ලද පීඩනය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුත්තක් පමණක් වන අතර බාහිර ආක්‍රමණයක් ලෙස නොසැලකිය යුත්තේ මන්දැයි සඳහන් කිරීමට මෙම සාධක ද හේතු වෙනවා. එය තවත් බොහෝ දේ අතර, ජාත්‍යන්තර සංවිධාන ඉදිරියේ ශ්‍රී ලංකාවට දුන් පොරොන්දු ඉටු කිරීමට ශ්‍රී ලංකාවට මතක් කිරීමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව තහවරු කිරීම සඳහා නැවුම් ප්‍රවේශයක් ගැනීමට අවස්ථාවක් ද උදාකර දෙනවා.

https://documents-dds-ny.un.org/doc/UNDOC/GEN/G20/045/67/PDF/G2004567.pdf?OpenElement

https://undocs.org/en/A/HRC/43/46

ලේඛකයන්

නීතිඥ ජගත් ලියනාරච්චි ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ නීතිවේදියකු සහ කොමසාරිස්‍වරයකු ලෙස කටයුතු කරයි.

ලක්නා පරණමාන්න මේවනවිට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හදාරමින් සිටින අතර රාජ්‍යතාන්ත්‍රික කටයුුත සහ මහජන සන්නිවේදනය පිළිබඳ විශේෂඥවරියකි.

Factum යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!