spot_img
spot_imgspot_img

රබර් ආදායම වැඩි කිරීමට, රබර් නිපැයුම්කරුවන්ගේ සහ අපනයන කරුවන්ගේ සංගමය CL Synergy සමඟ අත්වැල් බැඳගනී

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා සැළසුම් සහගත වැඩපිළිවෙලක් ආරම්භ කරමින් ශ්‍රී ලංකා රබර්  නිපැයුම්කරුවන්ගේ හා අපනයනකරුවන්ගේ සංගමය (SLAMERP)  සිය ප්‍රසාදය දිනාගත් සැපයුම්කරු ලෙස CL Synergy සමාගම පත් කරගෙන ඇත.

මෙහි දී ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ 2025 වර්ෂය වනවිට රබර් කර්මාන්තයෙන් ලබන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 02ක් දක්වා වර්ධනය කරගැනීමයි.

2019 වර්ෂයේ සිට ශ්‍රී ලංකා රබර් නිපැයුම්කරුවන්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමයේ ප්‍රසාදය දිනාගත් සැපයුම්කරු ලෙස අඛණ්ඩව වසර දෙකක් කටයුතු කළ CL Synergy සමාගම තවදුරටත් 2022 වර්ෂයේ දී එලෙසම කටයුතු කරයි. එම සමාගගම රබර් අපනයන කාර්යයේ දී ලබාදුන් අති වි‍ශිෂ්ඨ සේවය පිළිබඳ තෘප්තිමත්භාවය පදනම් කරගනිමින් එම තෝරාගැනීම ශ්‍රී ලංකා රබර් නිපැයුම්කරුවන්ගේ හා අපනයනකරුවන්ගේ සංගමය විසින් සිදුකර තිබේ.

CL Synergy Limited ලෙස 2004 ඔක්තෝබර් 05 වැනි දින අංග සම්පූර්ණ භාණ්ඩ ප්‍රවාහන සමාගමක් ලෙස ස්ථාපිත කර ඇති එම සමාගම වෘත්තීයභාවයෙන් යුතු විශ්වාසදායක සහ ගුණාත්මක සේවාවක් නිරන්තරව සපයන ආයතනයකි. ඒ සඳහා පුහුණු කාර්ය මණ්ඩලයත් ඔවුන් සතු විශාල අත්දැකීම් සමුදායත්, අද්විතීය නවෝත්පාදන උපාය මාර්ග භාවිතා කරමින් සිදුකරන අපනයන සේවා සැපයීමේ දී නිෂ්පාදකයන්ට සහ අපනයන කරුවන්ට වෙළෙඳපොළ තරඟකාරීත්වයට මුහුණ දීමට දැවැන්ත ශක්තියක් ලැබෙයි.

CL Synergy සමාගම වර්තමානය වන විට මෙරට අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස හැඳින්විය හැකිය.

පසුගිය වසර කිහිපය තුළ SLAMERP හි ප්‍රසාදය දිනාගත් සැපයුම්කරු ලෙස සිය සේවා කාලය අතිසාර්ථකව අවසන් කර ඇති CL Synergy සමාගම, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය වෙත කාර්යක්ෂම, විශ්වසනීය සහ පූර්ණ සැපයුම් සේවාවන් හඳුන්වාදීම වෙනුවෙන් මේ වසරේ දී ද පෙරමුණ ගැනීමට සූදානමෙන් සිටී.

CL Synergy සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රොෂාන් සිල්වා මහතා මෙම සහයෝගීතාව පිළිබඳව සිය අදහස් දැක්වූයේ මේ අයුරිණි.

රොෂාන් සිල්වා

“ශ්‍රී ලංකා රබර් නිපැයුම්කරුවන්ගේ හා අපනයනකරුවන්ගේ සංගමයේ ප්‍රසාදය දිනාගත් සැපයුම්කරු ලෙස නැවත වරක් පත් වීමට ලැබීම අප සමාගමට විශාල ගෞරවයක්. CL Synergy සමාගම ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තය ස්ථාවරව සංවර්ධනය කිරීම වෙනුවෙන් සුවිශේෂී  කාර්යභාරයක් ඉටු කරන සමාගමක් විදියට හඳුන්වා දීමට පුළුවන්.   SLAMERP සමාගම සමග පවත්නා අපගේ අන්‍යෝන්‍ය සබඳතාව, සාම්ප්‍රදායික භාණ්ඩ ප්‍රවාහන සේවාවන්ගෙන් ඔබ්බට යමින් එම ක්ෂේත්‍රය වෙත නවතම සේවාවන් හඳුන්වා දෙන ප්‍රමුඛතම සමාගමක් බවට පත් වීමට අපට ඉතා ප්‍රයෝජනවත් වුණා. 2022 වසරේදීත්  SLAMERP හි ප්‍රසාදය දිනාගත සැපයුම්කරුවා විදියට පත්වීමට ලැබීම අපගේ ස්ථාවරත්වය වගේ ම කැපවීමත් කිහිප ගුණයකින් වර්ධනය කිරීමට සමත් වුනා.” 

මෙම සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින් SLAMERP හි සභාපති රවී දද්ලානි මහතා මෙසේ ප්‍රකාශ කළේය.

රවී දද්ලානි

“2019 වසරේ සිට 2020 වසර දක්වා CL Synergy සමාගම සැපයූ සේවාව පිළිබඳව අප සිහිපත් කරන්නේ ඉතාමත් සතුටින්. ඒ වගේ ම එම සමාගම 2022 වසරේ දීත් අපගේ ප්‍රසාදය දිනාගත් සැපයුම් කරු විදියට සුවිශේෂී සේවාවක් ලබා දෙනු ඇතැයි මම විශ්වාස කරනවා.  ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයනවලින් එකක් වන රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන, 2021 වසරේ දී මේ රටේ සමස්ත අපනයනයන්ගෙන් 9% ක් විදියට වාර්තා වෙනවා. ඉහළ ගුණාත්මක බවකින් යුක්ත සේවාවක් ලබා දෙන විශ්වසනීය සංවිධානයක් විදියට SLAMERP සංවිධානයට CL Synergy වැනි සමාගමක් සමග අත්වැල් බැඳගැනීමට ලැබීම භාග්‍යයක්. ඒ වගේ ම ඉදිරි වසරේ දී CL Synergy සමාගම සමඟ ඉතා සමීපව වැඩ කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”

CL Synergy සහ SLAMERP යන ආයතන අතර සහයෝගීතාවය සමගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නඟාසිටුවීමේ ක්‍රියාන්විතයේ දී රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය තවදුරටත් පුළුල් කරමින් ‍රටේ ආර්ථිකය සඳහා එම ක්ෂේත්‍රයේ වැඩි දායකත්වයක් ලබාදීම ශ්‍රී ලංකා රබර් නිපැයුම්කරුවන්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමයේත් CL Synergy සමාගමේත් අරමුණ වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!