spot_img
spot_imgspot_img

භාණ්ඩ හා සේවා අපනයනයනේ 2021 දී වාර්තාගත ආදායමක් ලැබිලා

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 15.1ක් උපයාගෙන තිබේ. ඒ අනුව 2020 වර්ෂයේ උපයන ලද ඇමෙරිකානු ඩොලර් බිලියන 12.34ට සාපේක්ෂව එය 23%ක වර්ධනයකි.

2021 වර්ෂයේ දී භාණ්ඩ අපනයනයෙන් පමණක් උපයා ඇති ආදායම ඩොලර් බිලියන 12කි. 2021 වර්ෂයේ  මාස 08 ක දී භාණ්ඩ හා සේවා අපනයනයෙන් උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් බිිලයනයක් ඉක්මවා තිබීම ද විශේෂත්වයකි.

මෙලෙස අපනයන ආදායම ඉහළ යාම හේතුවෙන් කොටස් වෙළෙඳ පොළ භාණ්ඩ හා සේවා අපනයන සමාගම් කෙරෙහි ආයෝජකයන් විශාල උනන්දුවක් දැක්වීම කැපී පෙනෙන කරුණක් වී තිබේ.

මේ අතර එක්ස්පෝ ලංකා සමාගම 2021-12-31 දිනෙන් අවසන්වන තුන්වැනි කාර්තුවේ මූල්‍ය වාර්තා එළිදැක්වූ අතර එම මාස තුනක කාලයේ දී එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 23ක ලාභයක් උපයාගෙන ඇත.

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු 49,101ක් සිදුව ඇති අතර දෛනික පිරිවැටුම 6,387ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය අද ඒකක 22ක් පහළ ගොස් දිනය අවසානයේ 12,863ක් ලෙස සටහන් විය.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,860
  • සොෆ්ට්ලොජික් ලයිෆ් රුපියල් මිලියන 787
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් රුපියල් මිලියන 477

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 56
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 31
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 30

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) 20%
  • සොෆ්ට් ලොජික් ලයිෆ් සමාගම19%
  • ඇග්ස්ටා පොහොර සමාගම 19%

දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 715
  • එල්ඕඑල්සී සමාගම බිලියන 558
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් බිලියන 225

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගමේ කොටස් 81,500ක් රුපියල් 362.00 බැගින් හුවමාරු විය.

විදේශීය ආයෝජකයන් විසින් අද (28) දිනයේ රුපියල් මිලියන 126ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 172ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කර තිබූ මුදල් රුපියල් මිලියන 46ක් විදේශ ආයෝජකයන් විසින් ඉවත්කරගෙන තිබිණි.

විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 33
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 7.9
  • සොෆ්ට් ලොජික් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 6.4
  • වින්ෆෝර්ස් සමාගම රුපියල් මිලියන 5.1
  • ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 5

විදේශීය ආයෝජකයන් විසින් කෙටස් විකුණූ සමාගම්

  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් රුපියල් මිලියන 42
  • ඩයලෝග් ආසියාටා සමාගම රුපියල් මිලියන 23
  • වැලිබල් ෆිනෑන්ස් සමාගම ‍රුපියල් මිලියන 10
  • අගලවත්ත වැවිලි සමාගම රුපියල් මිලියන 06
  • එච්සෙනිඩ් සමාගම රුපියල් මිලියන 05

(විශ්ලේෂණය නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!