spot_img
spot_imgspot_img

rata.lk ට එරෙහිව දොස්තරලාගේ පැමිණිල්ල බොරුවක් බව පොලිස් නීති අංශය කියයි.

පුවත්

විදෙස්

rata.lk වෙබ් අඩවිය විසින් කරන ලද හෙළිදරව්කිරීමක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍යවරුන් පිරිසක් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව පොලිස්පතිවරයා විසින් දැනුම් දී තිබේ.

පොලිස්පතිවරයා විසන් මේ බව දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයටය.

මාධ්‍යවේදියකු විසින් තොරතුරු අනාවරණය කිරීමෙන් අපරාධමය වරදක් කර ඇති බවත්, එබැවින් එම වෙබ් අඩවියේ සංස්කාරක සජීව විජේවීරට එම තොරතුරු ලැබුණු ආකාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙස සහ ඔහුට විරුද්ධව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙසත් දන්වා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් 2021 ජුනි 04 වැනි දින CIB (02) 30/29 යටතේ ගාල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබිණි.

ඒ අනුව පොලිසිය විසින් අප කැඳවා පරීක්ෂණයක් පැවැත්වීම ආරම්භ කළ අතර එය නීතිවිරෝධී බව rata.lk වෙබ් අඩවියේ අප විසින් පොලිසියට දැනුම් දීමට කටයුතු කරන ලදී. මීට අමතරව මාධ්‍යයක පළවූ කරුණු සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කිරීම නීති විරෝධී බවත්, ඒ පිළිබඳ සොයා බලන ලෙසත් ‍තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පොලිස්පතිතුමාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

එම පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ පොලිස්පතිවරයා විසින් එය දකුණු පළාත් නීති අධ්‍යක්ෂ තුමා වෙත යොමු කිරීමෙන් අනතුරුව එම පැමිණිල්ලට අදාල ලිපි ගොනු පරීක්ෂා කර තීරණය කර ඇත්තේ rata.lk සංස්කාරක මාධ්‍යවේදී සජීව විජේවීරට එරෙහිව නගා ඇති චෝදනා සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට පොලිසියට හැකියාවක් නැති බවයි. එලෙස අපරාධ චෝදනාවක් යටතේ ක්‍රියා කිරීමට කරුණු අනාවරණය නොවන බවත්, පොලිසිය තවදුරටත් එම පැමිණිල්ල සම්බන්ධයෙන් කටයුතු නොකරන බවත් පොලිස්පතිවරයා විසින් තරුණ ජනාමාධ්‍යවේදීන්ගේ සංගමයට දැනුම් දී ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කරන ලද අසත්‍ය පැමිණිල්ලෙන් ජනතාවට තොරතුරු දැනැගැනීමේ අයිතියට බාධා එල්ල වූ බවත් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට බාධා කරමින් මාධ්‍යවේදී සජීව විජේවීරගේ රාජකාරියට අවහිර කිරීම සහ ඔහුගේ මානව හිමිකම් කඩ කිරීමත් අසත්‍ය පැමිණිල්ලක් කරමින් අපරාධමය වරදක් සිදුකිරීම සම්බන්ධයෙනුත් ව්‍යාජ පැමිණිලි කළ වෛද්‍යවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සජීව විජේවීර විසින් මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ගොනුකර තිබිණි.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ගාල්ල මූලස්ථාන පොලිසියෙන් විමසූ විට කියා සිටියේ ඒ පිළිබඳ නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බවයි.

කෙසේ වෙතත් සජීව විජේවීර විසින් අදාල ප්‍රස්තුත කාරණය සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ල පිළිබඳ පොලිසිය ක්‍රියාත්මක වන ආකාරය කවරක් වුව ද මෙරට මාධ්‍ය සංවිධාන කිහිපයක් ම වෛද්‍යවරුන්ගේ එම ක්‍රියාවට එරෙහිව අධිකරණයක නඩුවක් ගොනුකිරීමට මේ වනවිටත් කටයුතු සූදානම් කර ඇත.

මෙම කරුණ සම්බන්ධයෙන් මීට ඉහත පළකරන ලද ලිපි පහතින්

GMOA දොස්තරලාගෙන් පොලිසියට පැමිණිලි පිට පැමිණිලි. rata.lk මර්ධනයට උත්සාහයක්

GMOA දොස්තරලා මාධ්‍ය මර්ධනයට බොරු පැමිණිලි කරලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!