spot_img
spot_imgspot_img

ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී තනතුරට ජනක අබේසිංහ

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ජනක අබේසිංහ පත්කරන බව ‍කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත සමාගම මගින් දැනුම් දී තිබේ. පසුගිය දා පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක දී මේ තීරණය ගෙන ඇත.

මෙතෙක් Sri Lanka Telecom PLC  සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කිත්ති පෙරේරා සිය උසස් අධ්‍යාපන කාර්යයක් වෙනුවෙන් විදේශගත වීම හේතුවෙන් මෙම පත්වීම සිදුකරන බව ද වාර්තා වේ. ලබන 01 වැනි දා සිට එම පත්වීම ක්‍රියාත්මක වෙයි.

1991 වර්ෂයේ දී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට එක්ව ඇති ජනක අබේසිංහ මේ වනවිට වසර 30කට වැඩි කාලයක් එහි සේවය කර තිබේ. තම වෘත්තීය ජීවිතය තුළ සාමාන්‍යාධිකාරී ව්‍යවසාය සහ ජාත්‍යන්තර විකුණුම් ඇතුළු ජ්‍යෙෂ්ඨ තනතුරු ගණනාවක් දරා ඇති අතර ව්‍යවසාය ඩිජිටල් සේවා, ව්‍යවසාය සන්නිවේදන විසඳුම්, දත්ත සන්නිවේදනය, ව්‍යාපාර සංවර්ධනය, දේශීය හා ජාත්‍යන්තර යන ක්ෂේත්‍රවල පුළුල් පළපුරුද්දක් ඇති අයෙකි.  

මේ වනවිට ටෙලිකොම් සමාගමේ ව්‍යාපාර සහ තොග ව්‍යාපාර අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ඔහු එක්සත් ජනපදයේ කැන්සාස් විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ පරිගණක ඉංජිනේරුවිද්‍යාව පිළිබඳ උපාධිය හිමිකරගෙන ඇත. මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික සහ දුරකතන සන්නිවේදන ඉංජිනේරු විද්‍යාව පිළබිඳ ප්‍රථම පන්තියේ ගෞරව සම්මානයක් සහිතව උපාධියක් හිමිකරගෙන තිබේ.

වරලත් ඉංජිනේරුවකු ලෙස කටයුතු කරන හෙතෙම ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයෙක් සහ ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සාමාජිකයෙක්. 

ජනක අබේසිංහ 2014 සිට 2018 දක්වා විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ (SLINTEC) අධ්‍යක්ෂ මණ්ඩලයේ ද සේවය කළේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!