spot_img
spot_imgspot_img

පාස්කු ප්‍රහාරයට දින 1,000යි. තවත් බෝම්බයක් පුපුරන බව අගරදගුරු අනතුරු අඟවයි

පුවත්

විදෙස්

පාස්කු ප්‍රහාරයට අද (14) දින 1,000ක් සම්පූර්ණ විය. ඒ වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් අද පෙරවරුවේ තේවත්ත ලංකා අප ස්වාමි දූ ජාතික බැසිලිකාවේ දී සිදුකෙරිණි.

අගරදගුරු කාදිනල් රංජිත් හිමිපාණන් විසින් එම දේව මෙහෙය පවත්වන ලදී.

එම දේව මෙහෙයට කටුවාපිටිය සහ‍ ‍කොච්චිකඩේ දේවස්ථානවල දී බෝම්බ ප්‍රහාරවලට ලක්ව මියගිය අයගේ ඥාතී හිතවතුන් ද තුවාල ලැබූවන් සහ ඔවුන්ගේ පවුල්වල අය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

එදා එල්ල වූ ප්‍රහාරයට අදට දින 1,000ක් සම්පූර්ණ වෙලා. මනුස්සයෙකුට මේ තරම් දීර්ඝ කාලයක් දුක දරාගෙන් ජීවත්වෙන්න පුළුවන් ද කියන එක ගැන පුදුම හිතෙනවා. දුක්විඳින ජනතාවගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ජනතාවට බොරු කරන්න හදන අයගේ බොරු එකින් එක හෙළිදරව් වෙමින් තිබෙන්නේ දෙවියන් වහන්සේගේ ක්‍රියාදාමය තුළයි. ඒ නිසා ජනතාව ජයගන්නා ලකුණු දැන් පෙනෙන්නට පටන් අරන් තියෙනවා. මේ කුරිරු ප්‍රහාරය ගැන සත්‍යය යට ගහන්න හැදුවත් ජනතාව දවසින් දවස බලවත් වී පාලකයන් දවසින් දවස අවුල් සහගත තත්වයට පත්වෙන බව පැහැදිලියි. කාටවත් අපිව යට කරන්න බෑ. ඉතිහාසය මකා දාන්න බෑ. බෝම්බ පුපුරලා ඉවරයි. නමුත් දැන් පත්තුවෙන බෝම්බයක් තියෙනවා. ඒ තමයි මුස්ලිම් අන්තවාදීන් විතරක් එකතුවෙලා කරපපු වැඩක් කියලා මේ සිද්ධිය ලඝු කරලා යටගහලා ඇත්ත යටපත් කරන්න බලවතුන් උත්සාහ ගත්තත් එන්න එන්නම ඇත්ත එළයට එන බෝම්බය පුපුරනවා. යටගහන්න හදන තරමට එය මතුපිටට එනවා. දියේ ගිල්වන්න හදන රබර් බෝලයක් වගේ. මේ ප්‍රහාරය කුමන්ත්‍රණයක් බව පැහැදිලියි. අන්වාදීන් පිරිසකගේ මේ ක්‍රියාව ගැන කලින් දැන දැනත් එක පැත්තකින් ඒකට ඉඩදීලා අනිත් පැත්තෙන් එය වැළැක්වීමට කටයුතු කළ අයට අවහිර කළා. සමහර නායකයන්ට ඕන කලේ දේශපාලන වාසි ගැනීමට ප්‍රහාරය පාවිච්චි කරන්න කියලා දැන් පැහැදිළි වෙමින් තිබෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!