spot_img
spot_imgspot_img

ගාල්ලේ තරුණයෙක් පරිගණක ක්‍රීඩාවකින් පැරදී සියදිවි නසා ගනී

පුවත්

විදෙස්

අහංගම පදිංචි තරුණයකු තම නිවසේ දී ම සියදිවි නසාගෙන ඇතැයි පොලිසිය පවසයි. පරිගණක ක්‍රීඩාවලට දැඩිව ඇබ්බැහි වී සිටි ඔහු එවැනි ක්‍රීඩාවකින් පරාජයට පත්වීමේ වේදනාව දරාගත නොහැකිව මෙලෙස සියදිවි නසාගනෙ තිබේ.

පාසල් අධ්‍යාපනය අවසන් කර චීනයේ විශ්වවිද්‍යාලයකින් උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා ලියාපදිංචි වී සිටි ඔහු තම සම්පූර්ණ කාලයම ගතකර ඇත්තේ පරිගණක ක්‍රීඩාවල යෙදෙමින් බව මූලික පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත.

ඔහු පසුගිය දිනවල නිරතව සිටි පරිගණක ක්‍රීඩාවේ අවසන් වටය සඳහා පැමිණ එය ජයගන්නා බවට තවත් මිතුරන් කිහිප දෙනකු සමඟ රුපියල් ලක්ෂ 03ක ඔට්ටුවක් අල්ලා තිබූ බවත් එම වටයෙන් පරාජය වීම මෙලෙස දිවි නසාගැනීමට හේතු වන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මෙසේ කීවේය.

“පාසල් ළමයින් සහ තරුණ තරුණියන් පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවීම විශාල වශයෙන් වාර්තාවනවා. කුඩා දරුවන් සහ තරුණ තරුණියන් ආකර්ශනීය යෙකට ඇබ්බැහිවීම සාමාන්‍ය දෙයක්. නමුත් දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගන්නවා පරිගණක ක්‍රීඩාවට ඇබ්බැහිවීම මානසික රෝගයක් කියලා. ඒ සඳහා පාලනයක් නැතිව ක්‍රීඩාවේ යෙදීම, එය නොකරන අවස්ථාවේ දී කලහකාරී සහ කලකිරීමෙන් සිටීම, එදිදො කටයුත අතපසු කරගනිමින් සමාජ ආශ්‍රයෙන් ඈත්වීම සහ පරිගණක ක්‍රීඩාවේ යෙදීමෙන් සිදුවන හානිය නොසලකා හැරීම කියන කාරණා හතරෙන් තුනක් සම්පූර්ණ නම් එය මානසික රෝගී තත්වයක් ලෙස සළකනවා. මෙතැනදීත් දක්නට ලැබෙන්නේ ඒ ආකාරයේ ඇබ්බැහිවීමක් විය හැකියි. විශේෂයෙන් ම දෙමාපියන් මේ ගැන දැඩි අවධානයකින් සිටිය යුතුයි. දරුවන් පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවනවා නම් ඒ තත්වයෙන් වළක්වා ගැනීමත්, මානසික උපදේශන ලබා දීම හෝ මනෝ වෛද්‍යවරයකුට යොමුකර ඖෂධ ප්‍රතිකාර ලබාදීමත් අවශ්‍ය වනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!