spot_img
spot_imgspot_img

චීනයෙන් සහනයක් ලැබුණොත්, කොටස් වෙළෙඳ පොළ තවත් ශක්තිමත් වෙයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 57,121ක් සිදුකරමින් දෛනික පිරිිවැටුම රුපියල් 7,771ක් බවට පත්විය.

සමස්ත කොටස් මිල දර්ශකය අද ඒකක 43කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ එය 13,122ක් ලෙස සටහන් විය.

වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 2,246ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 472ක්, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 452ක් ලෙසත්, වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 78ක්, එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 42ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 27ක් ලෙස ප්‍රමුඛ විය.

කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර රුපියල් බිලියන 740ක වත්කම් හිමිකරගෙන ඇති එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයේත්, රුපියල් බිලියන 618ක වත්කම් හිමිකරගෙන ඇති එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම දෙවැනි ස්ථානයේත්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් සමාගම රුපියල් බිලියන 242ක වත්කම් හිමිකරගෙන තුන්වැනි ස්ථානයේත් රැඳී තිබිණි.

හුන්නස් ෆෝල්ස් හොටෙල්ස් සමාගමේ කොටස් මිල අද දිනයේ 49%කින් ඉහළ ගිය අතර, රිචඩ් පීරිස් එක්ස්පෝට් සමාගමේ කොටස් 46%කින් සහ හන්ටර් සමාගමේ කෙටස් 35%කින් ඉහළ යාම කැපී පෙණිනි.

මේ අතර ප්‍රින්ට්කෝ සමාගම තම කොටස් හිමියන්ට එක් කොටසක් සඳහා රුපියල් 4.00ක ලාභාංශයක් ප්‍රකාශයට පත්කර තිබිණි.

සංවෘත කවය තුළ එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලියන 69.94ක රුපියල් 28.10 බැගින් ද, ඩයලොග් ආසියාටා සමාගමේ කොටස් ලක්ෂ 45ක් රුපියල් 11.10 බැගින් ද හුවමාරු විය.

විදේශීය ආයෝජකයන් විසින් අද දිනයේ දී ද කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් රුපියල් මිලියන 118ක ආයෝජන ඉවත්කරගෙන තිබිණි. විදේශ ආයෝජකයන් ‍රුපියල් මිලියන 223ක කොටස් විකුණා තිබූ අතර රුපියල් මිලියන 105ක කොටස් මිල දී ගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 23ක්, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 10ක්, රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 7.8ක්, වටවල වැවිළි සමාගම රුපියල් මිිලියන 4.7ක්, හේලීස් සමාගම රුපියල් මිලියන 4.3ක් ලෙසත් කොටස් විකුණූ සමාගම් අතර ඩයලොග් සමාගම රුපියල් මිලියන 71ක්, සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 23ක්, රෙජින්ස් සමාගම රුපියල් මිලියන 17ක්, මෙල්ස්ටෝ ක්‍රොප් සමාගම රුපියල් මිලියන 14ක්, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 07යි ලෙස ප්‍රමුඛ විය.

නමුණුකුළ වැවිළි සමාගමේ පැවැති වාර්ෂික මහ සභා රැස්වීමක දී රිචඩ් පීරිස් සමාගමේ සහ නමුණුකුල වැවිලි සමාගමේ සභාපති සේන යද්දෙහිගේ විසින් රිචඩ් පීරිස් එක්ස්පෝර්ට් සමාගමේ කොටස් බෝනස් කොටස් වශයෙන් කොටස් හිමියන්ට ලබාදෙ බවට කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ විසින් ඔහුගෙන් නිදහසට කරුණු විමසා ඇත.

මෙලෙස කොටස් ගනුදෙනු යන අධිසංවේදී තොරතුරු නීත්‍යානුකූල නොවන ලෙස හෙළිදරව් කිරීම සුරැකුම් පත් හා විනිමය කොමිසම පනතේ වගන්ති උල්ලංඝනය වන බැවින් ඒ ගැන විමර්ශනයක් ආරම්භ කිරීමට ද කොළඹ කොටස් වෙළෙඳ පොළ කටයුතු කරමින් සිටියි.

චීන රජය විසින් මෙතෙක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති සියලු ණය මුදල් නැවත ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කර ඇති බවට පැතිරයන පුවත් හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ දර්ශක තවදුරටත් ඉහළ යනු ඇතැයි ආයෝජකයෝ විශ්වාසය පළකරති.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!