spot_img
spot_imgspot_img

සංචාරකයන් අතර කොරෝනා, rata.lk කී කතාව වෛද්‍යවරු තහවුරු කරති

පුවත්

විදෙස්

මෙරටට පැමිණෙන සංචාරකයන් සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරන බවත්, ඒ හේතුවෙන් මෙරට ජන සමාජයට විවිධ කොරෝනා ප්‍රභේද පැතිරීමට ඉඩ ඇති බවත් rata.lk අපි කරන ලද අනාවරණය සත්‍යයක් බව වෛද්‍යවරු විසින් දැන් සනාථ කර තිබේ.

අප පළ කළ මුල් පුවත මෙතැනින්

වෛද්‍ය රනිල් විතානගේ තම ‍facebook ගිනුමේ සටනක් තබමින් පවසන්නේ පසුගිය දින කිහිපය තුළ විදේශිකන් දෙදෙනකු සහ සංචාරක ව්‍යාපාරයේ නිරතව සිටින කිහිප දෙනකු සඳහා කොරෝනා පරපීක්ෂණ කළ බවයි. එහි දී ඔවුන් කොරෝනා ආසාදිතයන් බව හඳුනාගත් බව ද වෛද්‍ය විතානගේ කියා ඇත.

සංචාරකයන් මෙරටට පැමිණීමේ දී සහ පිටවීමේ දී කොරෝනා සඳහා පරීක්ෂණ සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුව ද සංචාරකයන්ගේ හැසිරීම අනුව මෙරට සමාජයේ කොරෝනා පැතිරීම වේගවත් විය හැකි බව එම සටහනින් තහවුරු වෙයි.

වෛද්‍යවරයා තම සටහනේ මෙසේ ද සඳහන් කර තිබේ.

“විදේශිකයින් බොහෝ දෙනෙක් අවම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිපදිනු දක්නට නොලැබේ අඩුම ගානෙ මාස්ක් එකවත් හරියට නොපළඳිති. ඒ පිළිබදව දැනුවත් කිරීමට යාමේදී ඔවුන් ඇතැම් අය කළහකාරී වෙති.

බොහෝ හෝටල් සේවකයින්ද අසරණව කිසිවක් නොකියා සිටින්නෙ කලෙකට පසු ලැබෙන ආදායම් අහිමි කර ගැනීමට වේ යැයි භියෙන් විය යුතුය.”

එමෙන් ම වෛද්‍ය රනිල් විතානගේ පවසන්නේ එම විදේශිකයන් රිසි සේ අවට සැරිසරන ආකාරය දක්නට ලැබෙන බවයි.

මේ හේතුවෙවන් හැකිතාක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන ලෙස වෛද්‍ය විතානගේ දැනුම් දෙන අතර මුඛ ආවරණය නිසි පරිදි පැළඳීම සහ දෑත් පිරිසිදුව තබාගැනීම කෙරෙහි ද අවධානය යොමුකරවයි. මීට අමතරව කොරෝනා මර්ධන එන්නතේ තුන්වැනි මාත්‍රාව ද ලබාගැනීම කඩිනමින් කරන්න යැයි ද ඔහු ඉල්ලා සිටී.

අනවශ්‍ය ගමන් බිමන්, ප්‍රිය සම්භාෂණ අවම කරන ලෙසත් වෛද්‍යවරයා දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!