spot_img
spot_imgspot_img

මත්පැන් අළෙවි සැල් සඳහා 2021 දී බලපත්‍ර 150ක් දීලා

පුවත්

විදෙස්

මත්පැන් අළෙවි කිරීමේ බලපත්‍ර 150ක් 2021 වර්ෂයේ දී පමණක් නිකුත්කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එම බලපත්‍ර අතරින් 81ක්  නිකුත් කර ඇත්තේ සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් සහ අවන්හල් සඳහා වන අතර අනෙක් බලපත්‍ර 69 සුපිරි වෙළෙඳ සැල් සඳහා නිකුත් කර තිබේ.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි පවසන්නේ 2015 වර්ෂයෙන් පසු නගරවල මත්පැන් අළෙවිසැල් (වයින් ස්ටොර්ස්) සඳහා අනුමැතිය ලබා නොදුන් බවයි.

ලබන අප්‍රේල් 01 වැනි දා ට පසු මෙරට වෙළෙඳපොළේ ස්ටිකරය හෝ ඩිජිටල් සලකුණ නොමැති මත්පැන් බෝතල් තිබිය නොහැකි බවත් එලෙස ස්ටිකර් ඇලවීම ලබන සතියේ ආරම්භ කරන බවත් සුරාබදු කොමසාරිස් ජනරාල් පවසයි. බදු නොගෙවන සහ  ප්‍රමිතියක් නැති මත්පැන් බෝතල්  වෙළෙඳපොළට  පැමිණීම වැළැක්වීම මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බව ද හෙතෙම කීවේය.

දැනට වෙළෙඳ පොළේ ඇති මත්පැන් බෝතල් අතරින් 7%ක් පමණ නිසි ප්‍රමිතියකට නැති බව ද ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!