spot_img
spot_imgspot_img

රුසියානු හමුදා කසකස්තානයට ඇතුළු වෙයි

පුවත්

විදෙස්

රුසියානු හමුදා කණ්ඩායම් කසකස්තානයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කසකස්තාන ජනාධිපිත කසිම් ජොමාර්ට්  ටොකායෙව් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙලෙස රුසියානු හමුදා එරටට පැමිණ ඇත.

වාහන සඳහා බහුලව භාවිතාකරන ද්‍රවමය පෙට්‍රෝලියම් ගෑස් සඳහා වූ සහනාධාරය ඉවත්කිරීමට ජය තීරණය කිරීම හේතුවෙන් ගෑස් මිල දෙගුණ විය. ඒ හේතුවෙන් ජනතාව දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර තිබූ අතර පසුව ඒ සඳහා තවත් සමාජයීය කරුණු එකතුවීම හේතුවෙන් පසුගිය 02 වැනි දා ආරම්භ වූ උද්ඝෝෂණ රැල්ල වඩාත් දරුණු වී තිබේ.

උද්ඝෝෂණය පාලනය කිරීමට ජනාධිපතිවරයා විසින් හමුදාව යෙදවූ අතර දෙපාර්ශවය අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් හමුදා භටයන් 18ක් සහ උද්ඝෝෂකයන් 12 දෙනකු මියගොස් ඇති බව ද වාර්තා වේ. මේ වනවිට උද්ඝෝෂකයන් 3,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද ආරක්ෂක අංශ පවසයි.

ගැටුම් ඇති කර නොගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය, අමෙරිකාව, එක්සත් රාජධානිය සහ ප්‍රංශය  වැනි රටවල් අදාළ සියලු අංශවලින් ඉල්ලීම් කර තිබුණි.
 
කසකස්තානයට හමුදා කණ්ඩායම් යැවූ රුසියාව පවසන්නේ තම හමුදාව සාම සාධක හමුදාවක් ලෙස කටයුතු කරන බවයි. මේ වනවිට රුසියානු හමුදා භටයින් 2,500කට ආසන්න ගණනක් කසක්ස්තානයට ගොස් ඇති බව රුසියානු ආරක්ෂක බලධාරීන් පවසා තිබේ.  

ඉන්ධන සඳහා ලබාදී තිබූ සහන යළි ලබාදීමට කසකස්තාන බලධාරීන් ක්‍රියාකරමින් සිටින බව  රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

https://www.bbc.com/news/world-asia-59900037

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!