spot_img
spot_imgspot_img

භානුක – ඇන්ජෙලෝ සමුගන්නේ සැබෑ හේතුව ශාරීරික යෝග්‍යතාව ද ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් සිටි ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ සහ ඇන්ජලෝ පෙරේරා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ මෙම දෙදෙනාම පෞද්ගලික හේතූන් මත බව පවසමින් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් ලබන 07 වැනි දා ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබේ. මීට පෙර කිලෝ මීටර 02ක් උපරිම විනාඩි 08යි තත්පර 35ට දුවගොස් අවසන් කිරීමට නියමිතව තිබුණ ද මෙවර එය උපරිම විනාඩි 08යි තත්පර 10 දක්වා අඩුකර තිබේ.

මෙම ක්‍රීඩකයන් දෙදෙනාම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වීමට පෙර තම සමුගැනීම ප්‍රකාශයට පත්කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ශාරීරික යෝග්‍යතා අංශයේ ප්‍රකාශකයකු පවසන්නේ ඇතැම් ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට එක්වුණාට පස්සේ ඒ අයගේ ශාරීරක යෝග්‍යතා මට්ටම පවත්වාගෙන යන්න උනන්දු නොවන බවයි. එය සිදවුවන්නේ කම්මැලිකම නිසා බව ද ලෝකයේ වෙනත් රටවල ක්‍රීඩකයන් කිලෝ මීටර 02 විනාඩි 07ටත් කලින් අවසන් කරන බවත් ඕස්ට්‍රේලියාවේ එම සීමාව විනාඩි 07යි තත්පර 40ක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

එක්දින ජාත්‍යන්තර තරඟ 05ක දී අර්ධ ශතකයක් ද සමඟ ලකුණු 89 ක් ලබා සිටින භානුක රාජපක්ෂ විස්සයි – 20 අන්තර්ජාතික තරඟ 18 ක දී අර්ධ ශතක දෙකක් හිමිකරගෙන ඇතය. සියලුම ආකාරයේ විස්සයි – 20 තරඟ 105 ක දී ලකුණු 1912ක් ලබා සිටින භානුක ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස නොදැවී ලකුණු 96ක් ලබා සිටියි.

සීමිත ඕවර සහ විස්සයි – 20 තරඟවල දී ඕනෑම මොහොතක තරඟයක් වෙනස් කළ හැකි ක්‍රීඩකයු ලෙස සැළකෙන භානුක නිදහස් පහර කරා යාමේ දක්ෂයෙකි. නමුත් ඔහු තමන් වෙනුවෙන් සාධාරණය ඉටුකරගෙන නැති බව ක්‍රිකට් විචාරකයන්ගේ මතයයි.

ඔහු මීට පෙර අවස්ථා කිහිපයක දී ම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලින් අසමත් වීම හේතුවෙන් කණ්ඩායමේ ස්ථානය අහිමිකරගෙන තිබිණි.

ඇන්‍ජලෝ පෙරේරා සියලුම ආකාරයේ විස්සයි – 20 තරඟ 114ක දී ලකුණු 2009ක් ලබා සිටින අතර වැඩිම ලකුණු සංඛ්‍යාව 74කි. ඇන්ජලෝ පෙරේරා එක්දින තරඟ 06ක දී ලකුණු 52ක් ලබා ඇති අතර විස්සයි – 20 අන්තර් ජාතික තරඟ 06ක දී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 59කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!