spot_img
spot_imgspot_img

“ත්‍රස්ත මර්දන පනතට වහාම සංශෝධන අවශ්‍යයි” – නීතිඥ සංගමය රජයට කියයි

පුවත්

විදෙස්

ත්‍රස්ත මර්දන පනත යටතේ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධයක් නැති පුද්ගයකු වුව ද අත්අඩංගුවට ගැනීමට විධායකයට බලය පැවරෙන වගන්ති අහෝසි කළ යුතුයැයි රජයට යෝජනා කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

මෙම යෝජනා සහිත ලිපියක් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස්ගේ අත්සන ද සහිතව ලේකම් රජිව් අමරසූරිය විසින් යවා ඇත.

එම ලිපියේ දැක්වෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීම හෝ අහෝසි කිරීම අවශ්‍ය බවයි.

පැය 72ක කාලයකට රැදවුම් භාරයේ සිටින අයකුගේ රැඳවුම් කාලය ඉක්මවායාමෙන් පසු මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් නොකර රැඳවුම් කාලය දීර්ඝ නොකළ යුතු බව ද නීතිඥ සංගමය වැඩිදුරටත් දන්වා තිබේ. ත්‍රස්ත මර්ධන පනත යටතේ රැඳවුම්භාරයේ සිටින පුද්ගලයන් පිළිබඳ අධිකරණයෙන් ප්‍රමාණවත් නිරීක්ෂණයක් සිදුව නැතැයි ද නීතිඥ සංගමය කියා සිටියි. වරෙන්තුවකින් තොරව කෙනෙකු අත්අඩංගුවට ගැනීමට හෝ පරීක්ෂා කිරීම සඳහා විධායකයට ලැබෙන බලය දැක්වෙන වගන්ති ද අහෝසි කළ යුතු බව එම සංගමය රජයට යෝජනා කර ඇත.

මෙයට අමතරව කිසියම් සැකකරුවකු රඳවා ගැනීම සඳහා ආරක්‍ෂක ‍අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලැබී ඇති බලය සංශෝධනය කළ යුතු බවත් එවැනි රඳවා ගැනීමක් කළ යුත්තේ නීතිපති උපදෙස් මත මහාධිකරණය විසින් පමණක් බවත් නීතිඥ සංගමයේ නිර්දේශවල වැඩිදුරටත් සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!