spot_img
spot_imgspot_img

විවාහවීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය අවශ්‍ය වෙයි

පුවත්

විදෙස්

විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර විවාහ ලියාපදිංචි කිරීමේ දී ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් ලබාගගත යුතු බවටත් එම විවාහය අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වරයකු මගින් පමණක් ලියාපදිංචි කළ යුතු බවටත් රෙජිට්‍රාර් ජනරාල්වරයා විසින් වය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මීට පෙර විදේශීය ජාතිකයන් හා ශ්‍රී ලාංකිකයන් අතර විවාහ ලියාපදිංචි කිරීමේ දී අවශ්‍ය වන්නේ වලංගු විදේශ  ගමන් බලපත්‍රය, සිවිල් තත්වය (දික්කසාද හෝ වැන්දඹු බව සනාථ කරන ලේඛන) සහ උප්පැන්න සහතිකය (උපන්දිනය සනාථ කරගැනීමට අවශ්‍ය වන්නේ නම් පමණක්) යන ලේඛන පමණි.

නමුත් සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරිමේ ආඥා පනතේ සඳහන් වූ කරුණු වලට පරිභාහිරව නිකුත් කර ඇති චක්‍රලේඛයේ දැක්වෙන්නේ විදේශ ජාතිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර සිදුවන විවාහ ලියාපදිංචි කිරිමෙන් ජාතික ආරක්ෂාවට ඇතිවන බලපෑම සහ උද්ගත විය හැකි සමාජයීය ගැටලු සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශය සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කිරිමෙන් අනතුරුව ඇතිකරගත් එකඟතාව මත විදේශීය පාර්ශවය සම්බන්ධයෙන් ආරක්ෂක වාර්තාවක් ලබාගත යුතු බවයි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ විදේශිකයකු විවාහ කරගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ පූරව අනුමතැයි ලබාගැනීමට අවශ්‍යයැයි නීති පැනවීම ශිෂ්ටසම්පන්න රාජ්‍යයක නොකළ යුතු දෙයක් බවයි.

පුරවැසියාගේ අතිශය පුද්ගලික නිදහසට මෙලෙස බලපෑම් කිරීම නොකළ යුතු දෙයක් බව ද හෙතෙම පෙන්වාදෙයි. එම චක්‍රලේඛය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රටේ ජනතාවට හිමිකර දී ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් එක් පිරිසකට වෙනස් ලෙස සැළකීම වරදක් බවත් හිටපු කතානායක කරු ජයසූරිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!