spot_img
spot_imgspot_img

අහිංසක සතෙක් ගැන ගෙනයන බොරු ප්‍රචාරයට රැවටෙන්න එපා

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ගෘහස්ථව සහ වගාබිම් වළත් ඓන්ද්‍රීය ද්‍රව්‍ය ඇති ස්ථානවලත් බහුලව දක්නට ලැබෙන අහිංසක කෘමි සතුන් ඉලක්ක කරගනිමින් මේ වනවිට සමාජ මාධ්‍යජාලාවල අසත්‍ය ප්‍රචාරයක් ‍යමින් තිබේ.

කිසියම් facebook පිටුවක් මගින් මෙම ඡායාරූප සකසා ඇති අතර එම ඡායාරූපයේ දක්නට ඇති දරුවාගේ මුහුණේ ඇතිවී තිබෙන විකෘතියට හේතුව මෙම සත්වයා බවට අර්ථකථනය කර ඇත.

එය අසත්‍යයකි. මෙම සත්ව විශේෂය මෙරට සාමාන්‍ය ජනවහරේ හැඳින්වෙන්නේ “කතුරා” යන නමිනි. ඉංග්‍රීසි බසින් ඔවුන් පොදුවේ Earwig ලෙස හැඳින්වේ.

මෙම සතුන්ට ඒ නැම ලැබී ඇත්තේ සිරුරේ පිටුපස ඇති කතුරක් වැනි කොටස හේතුවෙන් එය දිග හැරෙන විට මිනිස් කණක් ලෙස දිස්වන බැවින් ඉංග්‍රීසි බසින් earwig ලෙස හඳුන්වයි.

මේ සතුන් විශේෂ 71ක් ශ්‍රී ලංකාවේ සිටින බව මේ වනවිට සත්ව විද්‍යාඥයන් විසින් තහවුරු කරගෙන ඇත. ඒ සත්ව පවුල් 11ක සත්ව ඝන 21කට අයත් සත්ව විශේෂ ලෙසිිනි.

නිවෙස්වල ඉඩ ඇති ලී පටි අතර, කුහර සහ ගුල් ආශ්‍රිතව  සිසිල් සහ අඳුරු ස්ථානයන්හි මේ සත්වයන් දැකගත හැකි අතර බෝහ වගිබිම්වල ද පහසුවෙන් දක්නට ලැබේ. විශේෂයෙන් ම කෙසල් සහ පඳුරු ආශ්‍රිත ශාකවල බහුලව ජීවත්වන මොවුන් ශාක ද්‍රව්‍යවල සිට කුඩා කෘමින් දක්වා ආහාරයට ගන්නා සර්ව භක්ෂක සතුන් ලෙස හැඳින්වේ.

පෙනුමෙන් භයංකාර වුව ද විෂ නොමැති සත්ව විශේෂයකි. ඇතැම් ශාක මත පළිබෝධකයෙක් ලෙස ක්‍රියාකරන මොවුන් කලහකාරී ‍සතකු ලෙස හැඳින්වේ. ඒ නිසාම වෙනත් පළිබෝධකයන්ට එරෙහිව සටන් කරන මේ සත්ව විශේෂය ‍විටෙක ගොවියාගේ මිතුරකු ලෙස ඳ හැඳින්විය හැකියි.

මේ සතුන් ගැන කිසිදු නිශ්චිත අවබෝධයක් නොමැතිව විදේශ රටක පළ වූ ඡායාරූපයක් ඉදිරිපත් කරමින් සමාජ ජලාවලට මුදාහැර ඇති මේ ප්‍රවෘත්තිියේ ඡායාරූපයකින් දක්වා ඇති දරුවාට ඇත්තේ ලෝකයේ ඉතාමත් දුර්ලභ ජානමය රෝගයකි. මානව පැපිලෝමා වයිරසයට (Human papillomavirus) අසාමාන්‍ය ලෙස ආසාදනය වීමේ අවදානක් සහ මාරාන්තික සමේ පිලිකා වර්ධනය වීම් ප්‍රවණතාවක් ද මෙවැනි රෝගීන්ට ඇත.

මෙම ආබාධය පිළිබඳ මුල් වරට කරුණු අනාවරණය කරගන්නා ලද්දේ 1922 වර්ෂයේ දි Lewandowsky සහ Lutz විසිනි. ඉන් පසු 1939 දී Sullivan සහ Ellis විසින් සමේ පිළිකා ඇතිවීමේ ඉහළ අවදානමක් ඇති බව විද්‍යාත්මකව පැහැදිළි කර තිබේ.

මේ රෝගය ඇති බවට පෙනී යන්නේ දරුවකු ඉපදී මුල් වසර කිහිපයේ දී ය. එය හටගැනීමත් සමඟ බොහෝ දෙනකු සිතන්නේ සතකුගේ ස්පර්ශයක් හෝ ආසාදනයක් හේතුවෙන් මේ තත්වය ඇතිවන බවයි.

අප විසින් උපුටා දක්වන ඡායාරූප සහිත facebook පෝස්ටුවේ පවසන ආකාරයට මේ දරුවාගේ ජනාගත රෝගයත් අතර earwig සතකුගේ හෝ වෙනත් කිසිම සතකුගේ සම්බන්ධයක් නැත.

එබැවින් මේ පළකිරීමට අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසත් ‍රටේ ජෛව විවිධත්වයේ යහ පැවැත්ම සඳහා අතිශය වැදගත්වන සතුන් විනාශ නොකරන ලෙසත්   rata.lk අපි ඉල්ලා සිටිමු.

මෙවැනි සතුන්ට ඔබ බියක් දක්වන්නේ නම් ඔබ කළ යුතු වන්නේ ඔබේ නිවස පිරිසිදුව තබා ගැනීමයි. කුණු කසළ සහ ඓන්ද්‍රීය ද්‍රව්‍ය සොයා පැමිණෙන මේ අහිංසක සතුන් එවිට ඔබ සමීපයට නොපැමිණෙනු ඇත.

(පහත ඡායාරූපයේ සිටින දරුවාගේ මුහුණේ ඇති රෝගය මේ සතාගෙන් ඇතිවූවක් බව කියන අසත්‍ය තොරතුර පළකර ඇති එක් පිටුවක දක්වා තිබුණේ මේ ආකාරයෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!