spot_img
spot_imgspot_img

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සමඟ, මෙරට තෙල් ඒකාධිකාරිය ඉන්දියාවට හිමිවන ලකුණු ?

පුවත්

විදෙස්

චීන වරයේ ඇති තෙල් ටැංකිඅතරින් මෙතෙක් භාවිතයට නොගන්න‍ා තෙල් ටැංකි Trinco Petrolium Terminal (Ltd) නැමැති ආයතනයක් ස්ථාපිත කර එය මාර්ගයෙන් ඉන්දියානු තෙල් සමාගමට (Lanka IOC) ලබාදීමට සැළසුම් සකස්කර ඇතැයි වාර්තා වෙයි.

බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ මේ නව සමාගම ස්ථාපිත කරන්නේ අදාළ තෙල් ටැංකි බහුතරයක් තෙල් සංස්ථාව වෙත ලබාගැනීමට බවයි. නමුත් තෙල් සංස්ථාවේ වෘත්තීය සමිිති නියේජතයන් පවසන්නේ තෙල් සංස්ථාව සතුව ඇති තෙල් අළෙවි කිරීමේ, බෙදාහැරීමේ බලය අහෝසි වී එය ඉන්දියානු තෙල් සමාගමට පැවරීම මෙමගින් සිදුවන බවකි.

කෙසේ වෙතත් ලංකා අයිඕසී සමාගමේ කොටස් මිල මේ දිනවල කොළඹ කොටස් වෙළෙඳ පොළේ වේගයෙන් ඉහළ යමින් පවතී. ආයෝජකයන් පවසන්නේ ලංකා අයිඕසී සමාගමට මෙරට තෙල්වල ඒකාධිකාරිය ඉතාමත් නුදු‍රු දිනක හිමිවීමට නියමිතව බැවින් ආයෝජකයෝ එම සමාගමේ කොටස් කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන බවකි.

පසුගිය දිනක ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නැරඹීමේ චාරිකාවක ද නිරත වූයේය.

මෙම නව සමාගම කඩිනමින් ස්ථාපිත කරන ලෙස විෂ්‍ය භාර අමාත්‍යවරයා විසින් තෙල් සංස්ථාවේ සභාපතිවරයාට ලිඛිතව උපදෙස් දී ඇතැයි ද වෘත්තීය සමිති කියයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වළ පවසන්නේ මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකා සකස්කිරීමට පවා දැනට උපදෙස් දී තිබෙන බවයි. ඒ අනුව චීන වරාය පරිශ්‍රයේ පිහිටි තෙල් ගොඩබාන ජැටිය, යන්ත්‍රාගාරය, ගබඩා අංශය ඇතුළු සියලු සම්පත්වල අයිතිය වසර 50 ඉන්දියාවට හිමිවීමට ඉඩ තිබෙන බව ද රන්වළ කියා සිටියේය.

2002 වර්ෂයේ දී එවකට පැවැති චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ රජය තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ස්ථාපිත කර තෙල් වෙළෙඳාමේ කොටසක් ඉන්දියාවට පවරා දෙනු ලැබිණි. එවකට අත්සන් කළ ගිවිසුම අනවු වසර 35ක ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියකට එකඟතාව ඇතිකරගත් බවත් ඉදිරියේ දී අත්සන් කරන ගිවිසුමකින් 2038 වර්ෂයේ අවසන් වීමට නියමිත එම ඒකාබද්ධ සංවර්ධන සැළැස්ම තවත් වසර පනහකින් දීර්ඝවනු ඇති බවත් වෘත්තීය සමිති නගන චෝදනාවකි.

අත්සන් කිරීමට යන නව ගිවිසුම අනුව ඉහළ අංගනයේ තිබෙන තෙල් ටැංකි 85න් තෙල් ටැංකි 24ක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හිමිවෙයි. අනෙක් ටැංකි 61 ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියකට හිමිවෙයි. ඒ අනුව ඉහළ අංගණයේ එම ව්‍යාපෘතියෙන් සියයට 51ක් තෙල් සංස්ථාවටත්, ඉතිරි සියයට 49 ඉන්දියන් තෙල් සමාගමටත් ලබා දීමට එකඟතා ඇතිකරගෙන ඇතැයි ද දැනගන්නට ඇත.

චීනවරාය පරිශ‍්‍රයේ තෙල් ටැංකිවලට අදාළ ගිවිසුම අත්සන් කිරීමට යන්නේ ඉන්දීය රජය මෙරටට ලබා දීමට යන ඇමෙරිකානු ඩොලර් කෝටි 50ක ණයට අදාළ කොන්දේසියක් යටතේ යැයි ද වෘත්තීය සමිති නගන චෝදනාවකි.

ඉහළ අංගනයේ තිබෙන තෙල් ටැංකිවලින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ලබාදීමට යන තෙල් ටැංකි 24 භාවිතයට ගත නොහැකි මට්ටමේ පවතින ඒවා බව ද රන්වළ අනාවරණය කළේයඒවා අලුත්වැඩියා කර භාවිතා කිරීමට තෙල් සංස්ථාවට මුදල් නොමැති බව ද හෙතෙම පවසයි.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා රජය හා ඉන්දීය රජය අතර සිදුකෙරෙන තීරණාත්මක සාකච්ඡාවක් ලබන සඳුදා (27 දා) පැවැත්වීමට නියමිතය. ඉන් පසුව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල විසින් එම සතියේ ම මේ පිළිබඳ සියලූ තතු රටට හෙළිකිරීමට බලාසිටින බව බලශක්ති අමාත්‍යාංශ ප‍්‍රකාශකයෙක් කියා සිටියේය.

මෙම චීනවරාය පරිශ‍්‍රයේ ඇති තෙල් ටැංකි හා සම්පත් ඉන්දියානු සමාගමට දීර්ඝ කාලයකට ලබාදීමෙන් ජාතික ආරක්‍ෂාවට එය තර්ජනයක් වනු ඇතැයි ද එම ස්ථාපිත කරන නව සමාගම් පරිශ‍්‍රයට එරට ආරක්‍ෂක අංශ පැමිණීමට ඉඩ තිබෙන බව ද තෙල් වෘත්තීය සමිති නායකයෝ කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!