spot_img
spot_imgspot_img

පිරිපහදු කිරීම පාඩුයැයි කියමින් වසා දැමූ සපුගස්කන්ද යළි විවෘතකරයි

පුවත්

විදෙස්

තාවකාලිකව වසා දැමූ සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (07) ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ පවසයි.

තෙල් පිරිපහදුවේ කටයුතු පසුගිය නොවැම්බර් 15 වැනි දින නවතා දැමුණු අතර එම අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ බොරතෙල් ගෙනවිත් පිරිපහදු කරනවාට වඩා පිරිපහදු කරන ලද පෙට්‍රල්, ඩීසල් ඇතුළු තෙල් සෘජුව ආනයනය කිරීම වඩාත් ලාභදායී බැවින් සපුගස්කන්ද පිරිපහදුව වසා දැමූ බවයි.

නමුත් අමාත්‍යවරයා පවසන එම කාර්යය අසත්‍යයක් බවත් පිරිපහදුව වසා දැමීමට සිදුව ඇත්තේ බොරතෙල් ආනයනය කිරීමට ඩොලර් නොමැතිවීම නිසා බවත් සමාජ මාධ්‍ය ‍ඔස්සේ විශාල ආන්දෝලනයක් ඇති විය.

දැන් අමාත්‍යවරයා පවසන්නේ තෙල් පිරිපහදුව වසා දමා දින 22කට පසු යළි එහි කටයුතු ආරම්භ කිරීමට පියවර ගත් බවයි.

බොරතෙල් ආනයනය රටට පාඩුවක් බව කියූ බලශක්ති අමාත්‍යවරයා එලෙස ලාභදායී නොවන කාර්යයක් යළි ආරම්භ කරන්නේ කවර හේතුවක් මත ද යන්න ප්‍රශ්න කළ යුතු කරුණකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!