spot_img
spot_imgspot_img

“ගෑස් පිපිරුම් නවත්වන්න නම්, ගෑස් ගඳ අවශ්‍යයි” – ගෑස් අනතුරු විශේෂඥ කමිටුවේ නිර්දේශය

පුවත්

විදෙස්

ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනය කර ඒ පිළිබඳ විසඳුම් සෙවීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ලබාදුන් තොරතුරු පාදක කරගනිමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ 2021 ජනවාරි 01 වැනි දා සිට ඊයේ (05) දිනය දක්වා මෙරටින් ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනි ගැනීම් සහ පුපුරායාමේ සිද්ධි 458ක් වාර්තා වී ඇති බවයි.

මෙම කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොළගේ සඳහන් කර ඇත්තේ එම කරුණු විමසීමේ දී ගෑස් සිලින්ඩර ආශ්‍රිත සිදුවීම්වල අඩුවක් දක්නට ලැබෙන බවයි. ඒ අනුව සමස්ත සිදුවීම් 458න් 244ක් ම ගෑස් කාන්දුවීම් සම්බන්ධ පැමිණිලි පමණක් බව ද එම වාර්තාවේ දක්වා තිබේ.

එම කමිටුව සඳහන් කරන්නේ ගෑස් කාන්දුවීම් හඳුනා ගැනීම සඳහා අනන්‍ය වු ගන්ධය නොමැතිවීම ප්‍රධාන ගැටලුවක් ලෙස හඳුනාගත හැකි වූ බවයි.  ඒ පිළිබඳව අදාළ අයාතන හා සමාගම් සමග කළ සාකච්ඡාවේ දී අදාළ සමාගම් මින් ඉදිරියට නිකුත් කරනු ලබන ගෑස්වල ප්‍රමාණවත් ඊතයිල් මර්කැප්ටන් රසායන ද්‍රව්‍ය නියමිත සාන්ද්‍රණයෙන් යුතුව ඇතුළත් කිරීමට එකඟ වී තිබේ.

ඒ අනුව මින් ඉදිරියට ගෑස් සිලින්ඩරයේ ගෑස් කාන්දුවක් ඇති වුවහොත් ඒ බව පාරිභෝගිකයාට පහසුවෙන් හඳුනාගත හැකි බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ දක්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!